gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ජගත් ප්‍රියංකර!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර  පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමිවූ  අතර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාය. එල්.කේ ජගත් ප්‍රියංකර මහතා මනාප ඡන්ද 40,527ක් හිමිකරගනිමින් මනාප ලැයිස්තුවේ 6වන ස්ථානයට පත්ව තිබිණි.

ඒ අනුව සනත් නිශාන්තගේ   අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකරට හිමි වන අතර ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.

2020  මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණ වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප හිමි කරගත්තේ සනත් නිශාන්ත ය.  ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත   එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියහ.

කෙසේ වෙතත් සනත් නිශාන්ත වෙනුවට පත් වී එන ජගත් ප්‍රියංකර නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නේ පොදුජන පෙරමුණු විරෝධී ස්ථාවරයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka