ජාතික රක්ෂණ සංසථාවේ ජීවිත රක්ෂණ අරමුදල වෙනමත් රක්ෂණ සංස්ථාව වෙනමත් විකුණන්න සූදානම්!
ජාතික රක්ෂණ සංස්ථාව සතු ජීවිත රක්ෂණ අරමුදල වෙනමත් රක්ෂණ සංස්ථාව වෙනමත් කෑලි දෙකකට කඩා විකිණීමට මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් පවතින බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුප ලන්දූව සඳහන් කරයි.
ටෙලිකොම් ආයතනය විකිණීමේ මිල ගණන් මේ වන විට කැඳවා ඇති බවත් විදුලිබල මණ්ඩලය කෑලි 6ට කඩා විකිණීමේ ක්‍රියාවලියට සූදානම් වන බවත් හෙතෙම ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දේශීය සම්පත් විකුණන බව ප්‍රකාශ කර ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ නැති බැවින් කිසිම දේශපාලන නායකයෙකුට දේශීය සම්පත් විකිණීමට අවසර නොමැති බව ද හෙතෙම පැවසීය.
මේ වෙලාවේ සිටින්නේ ජනමතය නියෝජනය කරන ආණ්ඩුවක් නොවන බැවින් දේශිය සම්පත් විකිණීමේ අයිතියක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් ටෙලිකොම් ආයතනය සතුව සියයට 50.2ක කොටස් ආණ්ඩුව සතුව තිබෙන බවත් මෙය මතුව පවතින දත්ත ගබඩාව එළියට විකිණීම යනු ජාතික ආරක්ෂාවට, ස්වයිරී භාවය අභියෝගයට ලක්කිරීමක් බවත් හෙතෙම කීවේය.
ලංකාසර
ජාතික රක්ෂණ සංසථාවේ ජීවිත රක්ෂණ අරමුදල වෙනමත් රක්ෂණ සංස්ථාව වෙනමත් විකුණන්න සූදානම්!
2024-01-15T11:36:00+05:30
Gossip Lanka Hot News





