gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා ආණ්ඩුවෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්නෑ.. ගණිකාවන් පෙලන නීති වෙනස් කරනවා - හරිනි

ජාතික ජනබලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අපේක්ෂා නොකරන නමුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ගේ අපහසුතාවයට පත් කරන නීති කිහිපයක් සංශෝධනය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ආර්ථික දුෂ්කරතා මත කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වන බැවින් ජාතික ජන බලවේගයේ ප්‍රධාන අවධානය රටේ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම බවද ඇය කියා සිටී.

ඇතැම් නීතින් හේතුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් පැවසූ ඇය එවැනි තත්ත්වයන් අවම කිරීමට හා කාන්තා අයිතීන් සුරැකීමට නීති සංශෝධනය කරන බවත් පවසන්නීය.

සූරා කෑමට ලක්වන ලිංගික ශ්‍රමිකයන් ඇතැම් නීති හේතුවෙන් ද තවදුරටත් හිරිහැරයට ලක්වන බවත් ඇය පෙන්වා දෙයි.

ගණිකා වෘත්තිය නීති ගත කිරීමක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ සාමාජිකා සමන්මලි ගුණසිංහ මහත්මිය කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ඇගේ කතාවේ ජනප‍්‍රිය කොටසක් පමණක් බවත් ඇය කළ සම්පූර්ණ ප්‍රකාශයත් නිවැරදි අදහසක් දරන බවත් තව දුරටත් කියා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka