gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කැරට් හොරු වැහි වහී! දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ‌කැරට් ගෝනිවල ආරක්ෂාවට 1500ක් ගෙවා මුරකරුවන් ‌දමයි!

ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන යන කැරට් ගෝනි මුර කිරීම සඳහා මුදල් ගෙවා මුරකරුවන් යෙදීමට සිදුවී ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති. මෙලෙස කැරට් ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකු සඳහා රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුවී ඇතැයිද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි වෙළෙන්ඳෙකු කීවේය.

කෙසේ නමුත් එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව පැමිණෙන වෙළෙඳුන් ප්‍රමාණය මේ වනවිට සියයට පනහකටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී ඇත.

ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් රැගෙන එන කැරට් ගෝනි සොරකම් කිරීමේ ජාවාරමක්ද සිදුවන බව අනාවරණය වේ.

ඊයේ (18 වැනිදා) දිනයේදීද කැරට් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 1800ත් 2300ත් අතර තොග මිලකටය. කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ දිනයේදී රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් කියා සිටින්නේ කැරට් මිල ලබන අප්‍රේල් මාසයේ මුල් සතියේදී බොහෝ දුරට අඩුවනු ඇති බවය.

පසුගිය කාලයේදී කැරට් බීජ තවාන් කළද, එම තවාන් රැසක් වර්ෂාවෙන් විනාශ වී තිබෙන බවත්, මේ වනවිට නෙළා ගන්නා කැරට් අස්වැන්න තත්ත්වයෙන් බාල බවද ගොවීන් පවසයි. වෙළෙඳපොළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 2000 ඉක්මවා ගියද, ගොවි බිම්වලින් කැරට් කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 800ත් 1000ත් අතර මිලකට බවද ගොවීහු පවසති.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka