gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ජනපතිවරණයට ඉල්ලනවා නම් පොහොට්ටුවේ සහාය රනිල්ට - දිළුම් අමුණුගම

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවරදී අද (03) දින මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින අමාත්‍යවරයි මේ බව සඳහන් කළා.

මේ වසරේ ජනපතිවරණය පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉදිරිපත් වන්නේද, ඒ පොදු අපේක්ෂකයෙක් වශයෙන්ද, එසේත් නැත්නම් තනි පක්ෂයක අපේක්ෂකයෙක් වශයෙන්ද යන්න පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ ප්‍රකාශ කළ යුතු බව දිළුම් අමුණුගම මහතා පවසනවා.

තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ,

ඡන්ද 69 ලක්ෂයක ජනතා වරමින් පත් වූ නායකයා අරගලයකට මුවාවෙලා ගෙදර ඇරියා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාසට, අනුර දිසානායකට වගේම සරත් ෆොන්සේකාට පවා ජනාධිපති ධුරය භාරගන්න කියලා ආරාධනා කළා. ඒ අය පස්සට ගිය වෙලාවේ තමයි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තේ. දැන් රට යම් තාක් දුරට නැවතත් හිස ඔසවමින් පවතිනවා. හිස්වූ භාණ්ඩාගාරය නැවතත් සක්‍රීය වෙමින් පවතිනවා. රට මේ තත්ත්වයට ගෙන ඒමේ ගෞරවය වත්මන් ජනපතිට හිමිවෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ එතුමාට තව ටික කාලයක් මේ ආකාරයෙන් කරගෙන යන්න ඉඩ දිය යුතුයි කියලයි.

අද හිතාගන්න බැරි තරම් නම් ගොඩක් ජනාධිපති අපේක්ෂකයෝ පිළිබඳ කියවෙනවා. ඡන්දෙ ඉල්ලන්න ජනාධිපති වෙන්න ඒ තරම් අමාරු වෙන්නේ නෑ. නමුත් එහෙම ආපු මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ වැනි අයට මොකද වුණේ. ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් රටේ භාණ්ඩාගාරයේ තත්ත්වය ගැනත් හිතලා තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ ඉදිරිපත් වෙන කෙනාට රට ගොඩ නඟන ස්ථීර වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් පසු අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා. එකපාරටම ගුවන්ගත වුණු හෙලිකොප්ටරය අද තෙල් ඉවර වෙලා සජිත්ගේ දෙපා මුල කඩා වැටිලා තියෙනවා.

වැට් බද්ද නිසා ජනතාව යම් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව අප සැම පිළිගත යුතුයි. නමුත් සමහර අය මේ පිළිබඳව බොරු බිල්ලෝ මවනව. ජනතාව සත්‍යය තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. විදුලි බිල හා වෙනත් බදු නිසා අද ආයෝජකයෝ ගැටලු වලට මුහුණ පා සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් සඳහා පනවා ඇති බදු ඉවත් කොට යම් සහන ලබා දීමට කටයුතු කළ යුතුයි. නැත්නම් නැවතත් ගැටලු උද්ගත වෙන්න පුළුවන්. මේ අමාරු කාලයේ පහු කරොත් හැමදෙනාටම සහනයක් ලැබේවි.

හිරුණි විජේසිංහ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka