gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විවාදයට අනුර නෑ... ජවිපෙ ඉන්න හොරු දිලිත් හෙලි කරයි

මෙරටේ ඇති සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් පරීක්ෂාවට ලක් කර එම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන්ම ආදායම් බදුවලට යටත් කළ යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල නගර ශාලාවේදී 21 වනදා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව අමතමින්ය.

“අද පක්ෂ අරමුදලවල් පිහිටවගෙන ජනතා විමුක්ති පෙරමුණ කියන බෝඩ් ලෑල්ල ගහගෙන ලංකා රජයට බදු ගෙවන්නේ නැතුව කොහොමද සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ, වාහන පාවිච්චි කරන්නේ කොහොමද කියල ප්‍රශ්න කරන්න ඕන.” යැයිද හෙතෙම කිවේය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“මේ වනවිට අපේ මව්බිම ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන්. අපි හැම පැත්තකින්ම අභියෝගවලට ලක්වෙලා තියෙනවා. රටක් විදියට දුප්පත් තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඔවුන් නොදන්නාකම නිසා රට පාලනය කරන්න බැරිවෙලා තියෙනවා.

අපි දැන් ජීවත් වෙන්නේ ශ්‍රී ලංකා භූමියේ අභාග්‍ය සම්පන්නතම යුගයේ. දේශපාලන වශයෙන් අපිට කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ වගේම මේ පාලන ක්‍රමය අපි අභියෝගයට ලක් කරනවා. අපේ රටේ සභ්‍යත්වය දැඩි සේ අභියෝගයට ලක්වෙලා.

මම විශ්වාස කරන්නේ අපි පළමුවෙන් මුහුණ දිය යුතු ප්‍රශ්නය තමයි ලංකාවේ භූ දේශපාලනය වෙනස් කිරීමෙන් තමයි ශ්‍රී ලංකාව ගොඩ ගත හැක්කේ. ඒ නිසා භූ දේශපාලනයේ අහන දකින ඇහෙන අවලාද කතා ප්‍රතික්ෂේප කල යුතුයි. ඔබට විශ්වාසයක් තිබිය යුතුයි ඔබට ලැබෙන්න ඕන දෙයක් වේ නම් එය ලැබිය යුතුයි. ඊට තාක්ෂණික සහ විද්‍යාත්මක විසඳුමක් තිබිය යුතුයි.

අපි මව්බිම ජනතා පක්ෂය විදියට විශේෂයෙන්ම අපි සමග එකතු වෙලා ඉන්න තාරුණ්‍යය විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ එකම වැඩපිළිවෙලක්. ඒ වැඩ පිළිවෙල තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ වැඩපිළිවෙල තුළින් අපි දිගින් දිගටම සාකච්ඡා කරනවා ව්‍යවසායක රාජ්‍යයක් බිහි කිරීම. ව්‍යවසායක රාජ්‍යයක් බිහි කිරීමෙන් තොරව ලෝකයේ කිසිම රාජ්‍යයක් දියුණු වෙලා නැහැ. මේ දා එදිනෙදා ජීවත් වෙන එදා වේල ය රටක් සුරක්ෂිත නැහැ, ඒකට අවශ්‍යයි, තාක්ෂණය රටක් දියුණු වෙන්නේ කොහොමද කියන දැක්ම. කොහොමද අපේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ කියන එක අවශ්‍යයි. මානව ප්‍රාග්ධනය හසුරුවන්නේ කියන එක අවශ්‍යයි. අන්න ඒ වැඩපිළිවෙළ ක් අපි ඔබට ගෙනෙනවා මානව ප්‍රාග්ධනය අභිප්‍රේරණය කරන හැටි දැනගෙන ඉන්න ඕන.


අපි ඔබට ඉදිරිපත් කරන්නේ නැහැ සම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශ. අපි ඔබට ගේන්නේ විද්‍යාත්මක තාර්කික කාටත් පිළිගත හැකි වැඩපිළිවෙළක්. ඒ වැඩ පිළිවෙළ තුළ. මේ රට සංවර්ධනය කරන වකවානු සදහන්. කාටවත් ප්‍රතික්ෂේප කල නොහැකි වැඩ පිළිවෙළ ක්. අපි ඒ හරහා මේ රට මෙන්න මේ මාර්ගයෙන් ඉදිරියට යනවා කියන එක තහවුරු කරලා පෙන්නනවා . කුඩාම කුඩා කුඩාම කුඩා ව්‍යාපාරයේ සිට යේ මහා පරිමාණ ව්‍යාපාරය දක්වා දියුණු කර ලොව දිනන මාර්ගය අපි ඔබට පෙන්වා දෙනවා. ඒ මගින් කොහොමද දූෂණය නැති කරන්නේ හෝ අවම කරන්නේ කොහොමද කියන එක කියා දෙනවා. මෙතෙක් කල් සිද්ධ වුණ දූෂණවලට මොන දඬුවම් ලබාදිය යුතුද ප්‍රකාශවලට සීමා වෙන්නෙ නැහැ.

ඔය හොරු අල්ලන්න කතා කරන සියලු දෙනා හොරු. මම කියන්නට ඕනේ අපේ රටේ ඔය අල්ලනවා කියලා කියන සියලු දෙනා හොරු. ඔය හොරු අල්ලනවා කියල කියන පක්ෂය ේ අනික් හොරු අල්ලන්න ඉස්සරලා ඇතුලේ ඉන්න හොරු න් අල්ලන්න ඕන. තමන්ගෙ බෙල්ලෙන් අල්ලගන්න ඕන. ඔය පක්ෂය ඇතුලේ ඕනතරම් හොරු ඉන්නවා. දූෂිතයන් අල්ලන්න ඕන කියන පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දශක ගණනක් නිහඬ එකඟතාවයක් දක්වපු හොර නඩයක් කියන එක අපි කියන්ඩ ඕන.

අද අපි ප්‍රශ්න කරන්න ඕන ඔය කියන පක්ෂයේ නායකයත් පත් කරන කමිටුවල ඉඳගෙන වෘත්තීය සමිති මෙහෙයවමින් සුඛෝපභෝගී ජීවන රටාව කොහොමද සාධාරණීකරණ කරණය කරන්නේ කියලා. අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඕන අද පක්ෂ අරමුදලවල් පිහිටවගෙන ජනතා විමුක්ති පෙරමුණ කියන බෝඩ් ලෑල්ල ගහගෙන ලංකා රජයට බදු ගෙවන්නේ නැතුව කොහොමද සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ කියලා ජීවත් කරවන්නේ ඥාති සම්බන්ධකම් පවත්වන්නේ වාහන පාවිච්චි කරන්නේ ොහොමද කියල ප්‍රශ්න කරන්න ඕන.

දූෂණය දූෂණය කිව්වට කවුද දූෂිතය කියලා හොයාගන්න බැරි තරමට මේ දූෂිතයින් දුෂණය වෙලා. මේ රටේ තියෙන දේශපාලන පක්ෂ හා පක්ෂ අරමුදල් පරීක්ෂාවට ලක් කරන්න ඕන ේ මේ රටේ සියලුම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන් ම බදු ගෙවන්න ඕන ඒ ආදායම් බදු වලට අයත් වෙන්න ඕන ඒකයි අද අවශ්‍ය මෙම අහිංසක මිනිසුන් අහිංසක කාන්තාවන් එක වාක්‍යක් කියනවද ඒ දේශපාලන වේදිකාවල. අවුරුදු 2500 ක් ගැන කතා කරන දේශපාලන වේදිකාවල කියනවද මේ කාන්තාවන් ගැන ම එක වාක්‍යයක් ඒ වේදිකාවල තියෙනවද මාතෘ භූමිය ගැන සෙනෙහසක්. මේ රටේ ජනතාව ගැන ීම් තියෙනවද ගෞරවයක්. කතා කරන සියලුම ජනතාව පිළිබඳව තියෙනවද ගෞරවයක් සෙනෙහසක්.

මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර

“අර මොකද්ද තියෙනවා රෝස පාට පක්ෂයක්. ජාතික ජනබලවේගය. පුනරුත්පත්තිය. ජාතික ජනබලවේගයේ විධායක සභිකයෙක් කියලා කියන්නවත් බෑ.

ජාතික ජනබලවේගය බලයට පත් වුණහම විලි ලැජ්ජයි කියන්න සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා. හොඳයි අනුර කුමාර මැතිතුමාටයි ටිල්වින්ලටයි. මේ ඔක්කෝටම එකට ඉඳගෙන පන්සිල් වෙනුවට හතරසිල්ම සමාදන් වෙන්න පුළුවන්. තුන්වෙනි සිල් පදේ නැතුව.

විධායක සභිකයෙක් කියන්නේ. ආවට ගියාට නිකං කෙනෙක් නෙමෙයි. ධම්ම පදයේ බුද්ධ වචනයේ කිසිම තැනක ගණිකා වෘත්තියට ඉඩක් නෑ. රහසිගතව සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නීතිගත කිරීමට ඉඩක් කොහෙවත් නෑ. බයිබලයේ බලන්න. බයිබලයේ එහෙම එකක් නෑ. අල් කුරානයේ බලන්න. අල් කුරානයේ කොහෙවත් එහෙම එකක් නෑ. හින්දු භගවත් ගීතාවෙ බලන්න. භගවත් ගීතාවෙත් නෑ. එහෙනම් ජාතික ජන බලවේගය නෙවේ පජාතික ජන බලවේගයේ. බටහිරකරණය වෙච්ච ඇමරිකානු. රුපියල් 50000 සපත්තු.අදින. අපිට අද කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්නලු.

එම පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම

“මේක සත් කෝරළය නෙමෙයි බත් කෝරළය. අවුරුදු 4ක් තුළ අපි මේ රට ස්වයංපෝෂිත කරනවා විතරක් නෙමෙයි මේ රටේ නිෂ්පාදිත සහල් එළවළු පළතුරු සියල්ල පිටරටට අපනයනය කරන රටක් බවට අපි නිර්මාණය කරනවා කියලා මේ සත් කෝරළයේ ඉඳන් අපි ප්‍රතිඥාවක් දෙනවා. පළවෙනි දේ තමයි අලුත්ම බලය බෙදන ආණ්ඩුවක් අපි හදන බව. දැනට ඉන්න ජනතාව ගෙන් 70%ක්. පවතින රජයට කිසිම පැහැදීමක් නෑ සහයෝගයක් නෑ. පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නෑ පරිපාලනය ගැන විශ්වාසයක් නෑ. එහෙමනම් මේ රටේ 70%ක් දැන් කල්පනා කරනවා අපේ මීළඟ ආණ්ඩුව ගැන.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. අද වෙද්දී සියලුම දෙනා කල්පනා කරනවා වෙච්ච දේ ගැන. තාම 60%ක් හිත් හදාගෙන ඉවරයි. පුවත්පත්වලින් මාධ්‍ය වලින් කියන දේවල් ගැන බලන්න. දැන් බලන්න ඒ ජනතාව දිහා. ඒ ජනතාවගෙන් 53%ක් කාන්තාවෝ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ හදවත් තුළ න් කැකෑරෙන ප්‍රශ්නයක් තියෙනවා අනේ මගේ දරුවට වඩා හොඳ අනාගතයක්ද දන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා හදවත් වලින් හූල්ලමින් කල්පනා කරමින් ඉන්නවා තමන්ගේ දරුවන්ට යි රටක් හදන්නේ කොහොමද කියලා සෞඛ්‍ය සම්පන්න අනාගතයක් හොඳ අනාගතයක් හොඳ රැකියාවක් ගෙයක් දොරක් හදාගන්ඩ ක්‍රමයක්.


අපි හදන්න උත්සාහ කරන්නේ ඉන්න පුළුවන් රටක් ජීවත්වෙන්න පුළුවන් රටක් හොඳ ආර්ථිකයක් ඇති රටක් ඒ හින්දා තමයි අපි පාරට බැහැලා ඉන්නේ.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka