gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධම්මික පෙරේරාට පොහොට්ටුවෙන් දීලා තියෙන්නේ ලණුවක්ලු!

ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගී ඇති බවත්, ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වනු ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසයි. ඔහු මෙම අදහස් පළකර සිටියේ ඊයේ (07) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් කොළඹදී හමුවීමෙන් පසු ජනමාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මෙසේද පැවැසීය.

“ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරග කරයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ විශාල පිළිගැනීමක් තියෙනවා එතුමා, වැටුණු රට යම් ක්‍රමයකට ගොඩගත්තා කියන එක පිළිබඳව.

මේ ක්‍රමය දිගටම පැවතුණොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලු‍වන් කියන එක ජනතාව විශ්වාස කරනවා. කයිවාරුකායන්, බොරුකාරයන් ඇවිල්ලා එක එක ඒවා කියලා රට ආයෙත් ආපස්සට යන්න පුලු‍වන්. ඒ නිසා ජනාධිපතිතුමාට ඉල්ලන්න කියලා රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා.

ධම්මික පෙරේරා කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරික ඥානය තිබුණට එතුමාට දේශපාලන ඥානය නැහැ. පොහොට්ටුව කිව්වා කියනවා, එතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න කොන්දේසි 10ක් දාලා තියෙනවා. ඒ කොන්දේසි 10 සපුරලා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියලා. පොහොට්ටුවේ කවුරුත් කියලා නැහැ එතුමා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. ධම්මික පෙරේරා මහත්තයා නිකන් කියන්නේ නැහැනේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ධම්මික පෙරේරා මහතාට මේ පණිවුඩය දුන්න වගකිවයුතු කෙනාට කියනවා ඇවිල්ලා රටට කියන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්ම්ක පෙරේරා කියලා. ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්.

සමගි ජන බලවේගය පහුගිය කාලය පුරාම කිව්වේ පොහොට්ටුව, රාජපක්ෂවරු සහ එතුමා එක්ක හිටපු අය හොරු කියලා. ආර්ථිකය වැටෙන්න ප්‍රධානම හේතුව රාජපක්ෂවරු ගත්ත තීරණ කියලා කිව්වා. එහෙනම් සජබෙන් අහන්න කැමතියි නාලක ගොඩහේවා, ජී. එල්. පීරිස් වගේ අය ගන්නේ රෙදි ඇඳගෙනද කියලා. නාලක ගොඩහේවා තමා ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත. ආර්ථිකය වැටෙන්න බදු අඩු කරන්න උපදෙස් දුන්නේ ප්‍රධාන වශයෙන් නාලක ගොඩහේවා මහතා. වියත්මග, එළිය සංවිධාන හදාගෙන පාර්ලිමේන්තුවේ නැති කෙනෙක්, දේශපාලනය කරපු නැති කෙනෙක් ගේන්න ඕනේ කියලා මතයක් ගොඩනැගුවේ මේ අය. අපි ඒ වේලාවෙත් කීවා ගෝඨාභය මහතාට දේශපාලනය කරන්න බැහැ කියලා. ඒක ජනතාව පිළිගත්තෙත් නැහැ, එතුමලා පිළිගත්තෙත් නැහැ. හැබැයි ගෝඨාභය ගෙනල්ලා අපේ අවුරුදු 30ක දේශපාලනය නැති කරලා, නාලක ගොඩහේවා සජබයට කරනමක් ගැහැව්වා. සජිත් මහත්තයත් ආදරයෙන් වැළඳගෙන ඉන්නවා. ජී.එල්. කියන්නේ පොහොට්ටු පක්ෂයේ සභාපති.”(දිවයින)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka