2030 වසරේ මේ රටේ ජනාධිපති ධූරයට හිටපු ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පත්වනු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.
එසේ ම ඒ් කාලය වන විට දයාසිරි ජයසේකර ශ්‍රීලනිප සභාපති ධූරයට ද පත්වනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා අනාවැකියක් පවසා ඇත.
පසුගියදා පැවැති ශ්‍රීලනිප විධායක සභා රැස්වීම අමතමින් මෛත්‍රීපාල සිරිසේන මේ බව පවසා ඇතැයි දයාසිරි ජයසේකර තවත් මන්ත්‍රී පිරිසක් සමග පවසා තිබේ.
කෙසේ වුව ද දයාසිරි ජයසේකර මේ වන විට ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ද නෙරපා දමා තිබේ.
