gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙරට ප්‍රජා පොලිස් කමිටු ශක්තිමත් කිරීමට කැනඩාවේ පීල් කලාපයේ පොලිස් ප්‍රධානී දොරේඅප්පාගේ සහාය

ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත කැනඩාවේ පීල් කලාපයේ පොලිස් ප්‍රධානී නිශාන් දොරේඅප්පා මහතා, වැඩබළන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරාධනයෙන් කොළඹ පොලිස් මූලස්ථානය වෙත පැමිණි අතර එහිදී නිශාන් දොරේඅප්පා මහතා හා වැඩබලන පොලිස්පති සමග විශේෂ සාකච්ඡාවක නිරතව්ය කැනේඩියානු පොලිස් ප්‍රධානියා වෙනුවෙන් විශේෂ පොලිස් ආචාර පෙළපාලියක් පිරිනැමුණු අතර, සංචාරය සිහිපත් කරමින් විශේෂ සමරු තිළිණ ප්‍රධානයක් ද සිදුවිය.

වැඩබලන පොලිස්පති මුණගැසීමෙන් අනතුරුව නිශාන් දොරේඅප්පා මහතා මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය. දෙරටේ ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කළ මෙම සාකච්ඡාවේදී මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා පොලිස් ඒකක ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල කැනේඩියානු පොලිස් ප්‍රධානියාගේ විශේෂ ඇගයීමට ලක් විය. එම වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට කැනේඩියානු පොලිසියේ උපරිම සහයෝගය ලබා දීමට නිශාන් දොරේඅප්පා මහතා මේ අවස්ථාවේදී පොරොන්දු විය.

තමා මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවන්වලට වඩා මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල සංවර්ධනයක් ඇතිවී තිබෙන බව ද නිශාන් දොරේඅප්පා මහතා ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කැනේඩියානු ජනතාවගේ සහයෝගය ද ලබාදීමට මැදිහත් වන බවද අවධාරණය කළේය. එමෙන්ම දෙරටේ ආරක්ෂක කටයුතු පිලිබඳ වැදගත් කරුණු රැසක් පිලිබඳවද එහිදී අවධානය යොමු විය. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් නිශාන් දොරේඅප්පා මහතා ඇතුළු නියෝජිත පිරිස සදහා දිවා භෝජන සංග්‍රහයක් ලබා දෙන ලදි.

1975 දී එල්ටීටීඊය විසින් වෙඩ් තබා ඝාතනය කරන ලද යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතාගේ ඥාති පුත්‍රයෙකු වන, 1973 වසරේ ශ්‍රී ලංකාවේ උපන් නිශාන් දොරේඅප්පා මහතා කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි. ශ්‍රී ලංකාවේ උපත ලබා, මේ වන විට කැනඩාවේ පීල් කලාපයේ පොලිස් සේවයේ ප්‍රධානියා වශයෙන් 2019 වසරේ සිට කටයුතු කිරීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයක් වන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka