ලාංකික දන්ත වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට… ඇය මරා දමන තුරු නෝවේ පොලිසියට නීතියේ රැකවරණය ලබා දීමට බැරි වෙලා…
යාපනයේ පදිංචි දන්ත වෛද්‍යවරියක් නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ දී පසුගිය අඟහරුවාදා (02) රෝහලක් අසලදී වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා නෝර්වේ පොලීසිය විසින් ඊයේ ( 6 ) අත් අඩංගුවට ගෙන තිබේ. වෙඩි තබා ඝාතනය කර තිබුණේ වරදරාජන් රාඝවි නැමති 30 හැවිරිදි දන්ත වෛද්‍යවරියකි.
ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයෙකුගෙන් විවිධ හිරිහැවලට ලක්වන බවට නෝර්වේ පොලීසිය වෙත පැමිණිලි කීපයක්ම මීට පෙර ඉදිරිපත් කොට ඇත.
එල්වෙරුම්හි ජීවත් වූ ඇය තම පවුලේ සාමාජිකයෙකු බැලීම සඳහා ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දි රෝහලෙන් පිටත ඇගේ මෝටර් රථය තුළ ඇයට වෙඩි තබා ඝාතනය කර තිබිනි.
ඝාතනය සිදුවූයේ මෙම මෝටර් රථය තුළය…
ඇගේ හිටපු පෙම්වතා ද මෝටර් රථය තුළ බරපතල තුවාල ලැබ සිටි අතර පසුව නෝර්වේ ඔස්ලෝහි පිහිටි විශාලතම රෝහල වෙත ගුවන් මගින් ඇය රැගෙන යාමෙන් පසු පසුගිය අඟහරුවාදා (02) මිය ගියාය.
ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇයගේ පැරණි පෙම්වතාට චෝදනා එල්ල වූයේය. ඔහු අවස්ථා කිහිපයකදී ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව දන්වා ඇය ඔහුට එරෙහිව තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය තහවුරු කළේය.
ඇය සෑම විටම ඇය සමඟ රැගෙන යාමට ආරක්ෂක අනතුරු ඇඟවීමක් ඉල්ලා සිටි බව පොලිසිය ද පිළිගෙන ඇති අතර, අනතුරු ඇඟවීම සඳහා ඇයගේ ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසිය බදාදා (03) විවේචන පිළිගත්තේය.
තරුණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර තුවාල ලබා සිටි තරුණයාට පියවි සිහිය ලද පසුව නෝර්වේ පොලීසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයකින් පසුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අත් අඩංගුවට ගෙන ඇති නෝර්වේ ජාතික තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නෝර්වේ පොලිසිය පියවර ගෙන ඇත. මියගිය යාපනයේ පදිංචි වෛද්‍යවරියගේ දේහය නෝර්වේ සිටින ඇගේ ඥාතීන් පිරිසක් විසින් එහිදී මිහිදන් කොට තිබේ.
-දිනසේන රතුගමගේ
lankasara
ලාංකික දන්ත වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට… ඇය මරා දමන තුරු නෝවේ පොලිසියට නීතියේ රැකවරණය ලබා දීමට බැරි වෙලා…
2024-01-07T11:53:00+05:30
Gossip Lanka Hot News






