gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව රනිල්ට සහාය නොදුන්නොත් පොහොට්ටුවේ බොහෝ දෙනා පුද්ගලිකව සහාය දෙනවා..

රට ගැන සිතනවා නම් ඉදිරි ජනාධිපතිවරණයේදී ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් නායකයෙකුට සහාය පළ කිරීම සියලු දෙනාගේම යුතුකම සහ වගකීම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් කඩිනමින් ඒ පිළිබඳ අවසන් තීරණයකට එනු ඇති බවයි.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් නායකයා සමග ඉදිරියට යනවාද පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද යන්න පොහොට්ටුව ඉදිරියේදී තීරණය කරනු ඇති බවත් එම තීරණයත් සමග පක්ෂයේ මතය සමග ඉදිරියට යන වාද නැතහොත් පෞද්ගලික මතය අනුව කටයුතු කරනවාද යන්න පොහොට්ටුවේ බොහෝ දෙනෙකු තීරණය කරනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් ළමුන් 2,000කට ප්‍රාදේශීය සභා අරමුදල් වලින් පාසල් පොත් ලබාදීමේ උත්සවයට අද (30) දින සහභාගි වීමෙන් අනතුරුව මධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෛත්‍රිපාල සිරිසේන  හිටපු ජනාධිපතිවරයාගේ නව සන්ධානයක් පිහිටුවන බවට පළව ඇති වාර්තා පිළිබඳව  මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ එම සන්ධානයට සිදුවන්නේද හෙලිකොප්ටරයට සිදුවූ දේම බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් යොමු කළ ප්‍රශ්න හා ඇමතිවරයා ඊට ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – එක්සත් ජනතා නිදහස් සංධානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම එකමුතු වෙලා නැවත මැතිවරණයකට යනවා කියන්නේ?

පිළිතුර – ඔය වගේ කතා මාධ්‍ය තුළ දවස ගානේ යනවා. නමුත් අවසානයේදී වෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක එකතු වුණ හොලිකොප්ටරය පවා අද කැඩිලා විසිවෙලා ගිහිල්ලා. මොකක්ද වෙන්නේ කියලා අපිට ඉදිරියේදී හරියට බලා ගන්න පුළුවන්.

ප්‍රශ්නය – පොහොට්ටුවෙම අයනේ සන්ධාන ගතවෙල එතනට එකතු වෙන්න යනවා කියන්නේ?

පිළිතුර – පොහොට්ටුව ලකුණෙන් ඉල්ලුවට විවිද පක්ෂ, පුද්ගලයෝ, විවිද සංවිධාන සම්බන්ධ වුණා. ඒ හැමෝම පොහොට්ටුව කියන පක්ෂයත් එක්ක හිටියේ නෑ. පොහොට්ටුව කියන්නේ පක්ෂයක්. පක්ෂයට එකතු වුණ අයයි පසුගිය කාලේ ස්වාධීන වුණේ. ඉදිරියේදී පක්ෂයක් ලෙස පොහොට්ටුව ඉන්නවා. ඒ වගේ කණ්ඩායම් වලට එක එක තැන් වලට යන්න ඉඩ තියෙනවා.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන කියන්නේ රටේ හිටපු ජනාධිපතිවරයෙක්නේ. ඔහු පුළුල් සංධානයක් එක්ක යන්න හදනවා කියන්නේ.


පිළිතුර – තවම මාධ්‍ය වල යන කතා විතරයිනේ. ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා බලමු.


ප්‍රශ්නය – ඇමතිතුමා ඔබතුමා පොහොට්ටුවේද? නව සංධානයේද?

පිළිතුර – මම පොහොට්ටුවේ වැඩ කරගෙන යන්නේ. අපේ දේශපාලන මතිමතාන්තර තිබෙනවා. පක්ෂයත් එක්කයි අපි වැඩ කරන්නේ.


ප්‍රශ්නය – පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වනවද?


පිළිතුර – පක්ෂය ඒක තාම තීන්දු කරලා නෑ. පක්ෂය ගන්න තීන්දුවක් ඉදිරියේදී බලා ගන්න පුළුවන්.

ප්‍රශ්නය – ඒ කියන්නේ තාම සැකයක්?

පිළිතුර – සැකයක් නෙමෙයි. ඉදිරිපත් වෙන කෙනෙක් තාම අපි නම් කරලා නෑ. පසුගිය කාලේ අර්බුදයක් ඇති වුණා. ඒ වෙලාවේ ආණ්ඩුවේ නායකත්වය ගෙන කටයුතු කරන්න අපි උදව් කරන්නම් කියලා හැමෝටම ආරාධනා කළා. හැමෝම බැහැයි කිව්වා. මේ අභියෝගයට මුහුණ දුන්නේ නෑ. අඩියක් පස්සට ගත්තා. ඒ වෙලාවේ පක්ෂයෙන්ම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව නම් කළේ. එතුමාට මේක භාර දෙන්න කියලා. අපි හිතනවා ඒක භාර දුන්න එක හොදයි කියලා. එදා තිබුණ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට අද රට ගෙනල්ලා තියෙනවා. ඉදිරියේදී එතුමා එක්ක යනවද? වෙනම යනවද කියලා පක්ෂය තීන්දු කළ යුතුයි. ඒ වෙලාවේ පොහොට්ටුව ගන්න තීන්දුවත් අපේ පෞද්ගලික මතයත් වෙනස් වෙන්න පුළුවන්. පක්ෂයද? අපේ පෞද්ගලික මතයද කියන එක ඒ කාලේදී අපේ ඇතුළේ ඉන්න අය තීන්දු ගනීවි.

ප්‍රශ්නය – හිටපු අමාත්‍යවරු දෙපලක් හා විපක්ෂයේ ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු නව සංධානයක් පිහිටුවලා රැස්වීම් පැවැත්තුවා. ඒකට ඔබතුමාලා සහයෝගය දක්වන්නේ නැද්ද?


පිළිතුර –  ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඒක තියෙන එක හොඳයි. රටේ මතය හැදෙන්න ඕනේ. හොඳ රැස්වීමක් ගම්පහ කළා. අපි සතුටු වෙනවා. හැමෝම හිතන් හිටියේ ජනතා විමුක්ති පෙරමුණට විතරයි රැස්වීම් තියන්න පුළුවන් කියලා. ඒ අය ගෙවල් ගිනි තියලා මිනිස්සු බය කරලා දේශපාලඥයින් ගම්වලින් අයින් කරන්න උත්සාහ කරත් මිනිස්සු අද එළියට බැහැලා වැඩ කරන්න පටන් ගෙන තිබෙනවා. ජා ඇල රැස්වීමේදි ඒක හොඳටම පෙන්නුවා. ජා ඇල කියන්නේ පොහොට්ටුවට හොඳ පළාතක් නෙමෙයි. එහෙදි හොඳම රැස්වීමක් කරන්න පුළුවන් නම් රටේ මිනිස්සු තාම අපිත් එක්ක ඉන්නවා. රටේ දේශපාලන කියවීමක් තියෙන මිනිස්සු රටට වුණේ මොකක්ද කියලා අවබෝධ කරගෙන ඉන්නවා. ඒ හින්දා ගැටළුවක් වෙන්නේ නෑ.

ප්‍රශ්නය – ඉදිරි මැතිවරණ වලදී රාජපක්ෂවරුන් සම්බන්ධ කර ගන්නවද?


පිළිතුර – ඒක ගැටළුවක් නෙමෙයිනේ. රාජපක්ෂවරු දැනුත් ඉන්නවා. රාජපක්ෂවරු කරපු හොඳ වැඩ කතා කරන්නේ නැද්ද? රටේ යුද්ධය නිමා කළා. කොවිඩ් වසංගතයෙන් මිනිස්සුන්ව බේර ගත්තා. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව රටේ යටිතල පහසුකම් නගා සිටෙව්වා. මහින්දෝදය විද්‍යාගාර පාසල්වල හැදුවා. කාපට් පාරවල් හැදුවා. මිනිස්සුන්ට යටිතල පහසුකම් දුන්නා. ඒ ගැන කතා කරන්නේ නැද්ද?

ජනතා විමුක්ති පෙරමුණ 88/89 කාලයේදී මිනිස්සුන්ගේ බෙල්ල කපලා ගේට්ටුවල, කණුවල එල්ලුවා. ගුරුවරුන්ව මැරුවා. හමුදා නිලධාරින්ගේ පවුල් පිටින් මරලා දැම්මා. පොලිස් නිලධාරින්ව මැරුවා. එහෙනම් ඔවුන් කරපු පාපයට කොහොමද මිනිස්සු රෙද්දක් ඇදගෙන එතනට යන්නේ. දේශපාලන මතවාදය කියන්නේ එකක් මේ බොරුව කියන්නේ තව එකක්. රටේ මොකක්ද වුණේ, වෙන්න යන්නේ මොකක්ද කියලා අද මිනිස්සු තේරුම් අරන් තියෙනවා.

ප්‍රශ්නය – ඇමතිතුමා ඇත්තටම මේ රටේ තියෙන තත්ත්වය අනුව මැතිවරණයක් අවශ්‍යමද?

පිළිතුර – ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් තියන්න එපැයි. ඒක නිසයි ජනාධිපතිතුමා මැතිවර්‍යක් නම් කළේ. බොහෝ දෙනෙක් කියනවා තව අවුරුද්දක් මේක දික් කරලා දෙන්න ඕනේ කියලා. මේක ඡන්දයක් තියෙන වෙලාවක් නෙමෙයි කියලා. ව්‍යවස්ථානුකූලව ඒක කරන්න බෑ. ඡන්දයක් තිබ්බොත් මේ රටේ හොඳ දේශපාලන කියවීමක් තියෙන මිනිස්සු හොඳ තීන්දුවක් ගනියි කියලා අපි හිතනවා. බොරු කියන වෙනත් මත හදන මිනිස්සුන්ට වඩා සත්‍ය තේරුම් ගත්ත මිනිස්සු වැඩි පිරිසක් මේ රටේ ඉන්නවා.


ප්‍රශ්නය – මැතිවරයක් තියන්න මහා භාණ්ඩාගාරයේ මුදල් තියෙනවද?

පිළිතුර – පසුගිය කාලෙට වඩා දැන් හොඳ නැද්ද? මුදල් තියෙනවද නැද්ද කියන එක තීන්දු කරන්න ඕනේ මුදල් ඇමතිවරයා. පසුගිය කාලේ අපි මුහුණ දුන්න තත්ත්වය තේරුම් ගන්න. අපි අද හොඳ තත්ත්යක ඉන්නවා.

ප්‍රශ්නය – පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ තියන්නත් ඕනේ. ඒවා තියා ගන්නත් බැරිව කොහොමද රටේ මුදල් නැතිව

පිළිතුර – රටේ ජාතික ප්‍රශ්නයක්නේ තියෙන්නේ. ජාතික මැතිවරණයක් කියන්නේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයයි. අනිත් මැතිවරණ තමයි විශේෂ මැතිවරණ විදියට සලකන්නේ. ඉදිරියේදී මැතිවරණයකට යනවනම් ජනාධිපතිවරණයද? පාර්ලිමේන්තු මැතිවරණයද කියලා කියයි. අපි අවුරුදු තුනක් කොවිඩ් වසංගතය, අරගලයත් එක්කයි වැඩක් කරන්න හම්බ වුණේ නෑ. මේ අවුරුද්දේ ග්‍රාම සේවා වසමකට ලක්ෂ පහන, හැටක මුදලක් වෙන් කරගෙන ජනතාව බලාපොරොත්තු වුණ දේ ඉටු කරගෙන යනවා. මිනිස්සු තේරුම් අරන් ඉන්නවා මොකක්ද සත්‍ය කියලා. සත්‍ය කවදා හෝ ජය ගන්නවා කියන්නේ ඒකයි.

ප්‍රශ්නය – ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නෙමෙයිනේ. බඩු මිල , දරුවන්ට ඉගෙන ගන්න පාසල් පොත් නිල ඇදුම් වල මිල අඩු කරන්නයි ජනතාව ඉල්ලන්නේ. ඒවා නොදී මැතිවරණ තියලා වැඩක් නෑනේ.

පිළිතුර – නැවත කියන්න තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අපි කාටවත් බෑ. සමහරු ව්‍යවස්ථාව පුච්චන්න කිව්වට ව්‍යවස්ථාවට අනුවයි රට පාලනය කරන්නේ. ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මැතිවරණ පැවැත්වෙන් ඕනි කාලවකවානු. ඒ අනුව අපි ඒකට යනවා.

ප්‍රශ්නය – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා රට හදන්න රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවනේ.

පිළිතුර – අපි දීපු වෙලාවෙත් එතුමා ගත්තේ නෑනේ.

ප්‍රශ්නය – ඇමතිතුමා හිතන්නේ ඒ අයගෙන මේක කරයි කියලද?

පිළිතුර – කරන්න බෑ. කාටවත් කරන්න පුළුවන් නම් ඒ වෙලාවේ බය නැතිව ගන්නවනේ. ඒ අයට කරන්න බැහැයි කියලා ඒ අය බය වුණා. කරන්න පුළුවන් මනුස්සයා භාර ගත්තා. දැන් ඒක කරගෙන යනවා.

ප්‍රශ්නය – ඉදිරියේ විකල්පයත් ඒකමද?

පිළිතුර – ඉදිරියේ දේශපාලන කියවීම කොහොම වෙයිද කියලා  අපි බලමු.

ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ සහයෝගය කාටද සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ.

පිළිතුර – ඉදිරිපත් වන අපේක්ෂකයෝ බලලනේ අපි තීන්දු කරන්න ඕනේ.

ප්‍රශ්නය – ජනාධිපතිවරු ගොඩක් බිහි වෙලා තියෙනවනේ. ඒකෙන් වෙන්නේ ඡන්දේ බෙදිලා යන එකනේ.

පිළිතුර –  ඔබ නම් කරන කණ්ඩායම තුළ මගේ පෞද්ගලික මතය මම කියලා තියෙනවා. මම මේ වෙලාවේ රට ගැන හිතන්නේ. පක්ෂයට වඩා. රට ගැන හිතනවා නම් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත්ත නායකයකුට උදව් කරන්න ඕනි කියලයි මම හිතන්නේ.

– ප්‍රදීප් අනුර කුමාර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka