gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති රට යන්නේ රටට ආධාර ගන්න.. අනුර කුමාර රට යන්නේ රට අරාජික කරන්න.. සල්ලි එවන්න එපා කියන්න..

වර්තමානයේ පවතින ජීවන වියදම ඉහළයෑම මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමන් පිළිගන්නා බව  ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ යුධ ගැටුම් හේතුවෙන් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ හමුවේ ඉදිරියේදී රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

එබැවින් විපක්ෂයේ සහ කුමන්ත්‍රණකරුවන්ගේ බොරු බේගල්වලට නොරැවටෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ගම්පහ ඔරුතොට  ඇවිදින මන්තීරුව ප්‍රතිසංවර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්  නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ඒ එම ඇවිදින මන්තීරුව භාවිතා කරන  පිරිසකගේ ඉල්ලීමකට අනුවය.

මෙම ඇවිදින මංතීරුව 2011 වසරේදී ආර්ථික අමාත්‍යාංශය හා ගම්පහ මහනගර සභාව එක්ව නිර්මාණය කර තිබේ.

මේ වනවිට එම මංතීරුව  ප්‍රතිසංස්කරණය කළ යුතු බවට එය භාවිතා කරන ජනතාවගෙන් ඉල්ලීම් ලැබී තිබුණි.

ඒ අනුව නාගරික  සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිලිතුරු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka