පොහොට්ටුවේ පිරිසකට ඇමතිකම් දෙන්න අඩු මාසේ කැබිනට් සංශෝධනයක්
ලබන පෙබරවාරි මාසයේදී කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඉදිරි මැතිවරණය ඉලක්ක කර මේ සංශෝධනය සිදු කරන බවද පැවසේ. මේ සංශෝධනයේදී පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිකම් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට හිස නමා ජනපතිවරයා මෙය සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
වෙන් වෙන්ව ඇති ආයතන එක් කළ යුතු බව පෙන්වමින් මේ සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවද පැවසේ.
කෙසේවුවද, IMF හි මූලික වාරිකය ලැබී තවත් කැබිනට් මන්ත්‍රීවරු නඩත්තු කිරීමට භාණ්ඩාගාරයට හැකිවන තෙක් මෙය සිදු නොවනු ඇති බවද පැවසේ.
මේ අතර, මේ සංශෝධන පෙබරවාරි අඩු මාසේ කිරීමට සැලැසෙන බැවින් පොහොට්ටුවේ පිරිසක් ඒ සඳහා විරෝධයක් ඇතැයි ද වාර්තා වේ.
මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප
පොහොට්ටුවේ පිරිසකට ඇමතිකම් දෙන්න අඩු මාසේ කැබිනට් සංශෝධනයක්
2024-01-21T12:27:00+05:30
Gossip Lanka Hot News






