රොයල් බීච් සමන් ඇතුළු පස් දෙනා ඝාතනයට පැමිණි ජිප් රථය සොයා ගනී… එක් සැකකරුවෙක් අත් අඩංගුවට!
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සඳහා ඝාතකයින් පැමිණි බවට සැකකරණ මෝටර් රථය ගාල්ල චීනකොරටුව මැදපාරේ රථගාලක දමා ගොස් තිබිය දී පොලිසිය මගින් සොයාගෙන ඇති බැව් දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිකාර්යාලය පවසයි
ඝාතනයෙන් පසු මෝටර් රථය මෙම රථගාලේ දමාගොස් ඇති බවට සැකකරන අතර තවමත් මෙම මෝටර්රථය පොලිස්භාරයට ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෝටර් රථය අයත් කාටද යන්න පිළිබඳ පොලිසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භකොට ඇත.
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්දයෙන් එක් සැකකරුවෙකු පොලිසිය මගින් කඹුරුපිටිය ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පොලිසිය මගින් මෙම ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයාගෙන ඇති බවද පැවසේ.
මෙම පංච පුද්ගල ඝාතනය සම්බන්දයෙන් පොලිසිය විසින් දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව මැද්දවත්තගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.
-ලලිත් චාමින්ද
-lankasara
රොයල් බීච් සමන් ඇතුළු පස් දෙනා ඝාතනයට පැමිණි ජිප් රථය සොයා ගනී… එක් සැකකරුවෙක් අත් අඩංගුවට!
2024-01-24T08:17:00+05:30
Gossip Lanka Hot News






