gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට පැමිණි ඝාතකයන්ට ආධාර අනුබල දුන් කාන්තාවක් 02ක් අත්අඩංගුවට.

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේදී පසුගිය 22 වන දින අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු හක්මන පොලිසිය මගින්  ඊයේ ( 29 ) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 33 වයසේ පසුවන ගාල්ල බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හක්මන පොලිසියට ලද තොරතුරක් මත ගාල්ල රත්ගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතකයන් විසින් අදාල වෙඩි තැබිම සදහා යොදාගත් බව කියන ටී 56 වර්ගයේ ගිනි අවි දෙක ඝාතනයෙන් පසු අත්අඩංගුවට පත් එක් කාන්තාවකගේ යතුරු පැදියකින් ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ සිට  බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන පවත්වයි.
-සූරියවැව නුවන් ජයසේකර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka