gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ජුලී දැන් සතුටින් ආය අරගලයක් එන්නේ නෑ" - අමෙරිකානු තානාපතිනිට විමල් රිදෙන්නම කියයි

අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් සතුටින් සිටින බැවින් නැවත ශ්‍රි ලංකාව තුළ අරගලයක් සිදු නොවබ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

එක්සත් රාජධානියේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි වසරේදී වැට් බදු වැඩි කිරීමත් සමඟ රටේ ජනතාවට අරගලයට පෙර පැවති තත්ත්වයට වඩා බරපතල පීඩනයකට මුහුණ දීමට සිදුව බවයි.

“දැන් අමෙරිකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමක් නැති නිසා අරගලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එදා සමාජයේ ප්‍රශ්නයක්, පෝලිම් තිබුණා ඒක සමහරු පාවිච්චි කළා. ජුලී දැන් සතුටින්, ඇය දැන් කොළඹ විලාසිතා සංදර්ශනවලට සහභාගි වෙමින් කාර්යබහුල වෙලා. රටේ අරගලයක් ඇතිවෙන්න විදිහක් නැහැ.” යැයි හෙතෙම අදහස් පළ කළා.

මේ අතර රට මුහුණ දෙන ප්‍රශ්න ගැන සැලකිලිමත් වූ යූ ටියුබ්කරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දැන් දැකිය හැක්කේ සාදවල පමණක් බවයි වීරවංශ මහතා පවසන්නේ.

“අන්තරේ දැන් පාරට බහින්නේ නෑ. යූ ටියුබ්කරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කොතැනකවත් දකින්න නෑ. ඔවුන් සාදවල නට නට ඉන්නවා. වැදගත් වන්නේ ජුලීගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වීම මිස ජනතාව පීඩනයට පත්වී සිටිනවාද යන්න නොවේ,” යැයි වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka