gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බල්ලකුට සිවුරක් පෙරවූ ‘විශ්ව බුද්ධි මුණි‘ හිමිගේ බැංකු ගිණුමට ලක්ෂ 25ක් දැම්මේ කවුද?

සුනඛයකුට සිවුරක් පොරවා බුදු දහමට නිගා වන අයුරින් ටික් ටොක් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහළ රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමින් හඳුන්වාගත් ශුමණ වේශධාරියාගේ බැංකු ගිණුමකට පසුගිය කෙටි කාලය තුළ රුපියල් ලක්ෂ 25ක මුදලක් බැර වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) දැනුම් දුන්නේය.

මෙම සිද්ධිදාමය හා සැකකරු පසුපස කිසියම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ ඊයේ ( 19 ) කැඳවනු ලැබූ අවස්ථාවේ කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.අන්තර්ජාලයට ටික්ටොක් විඩියෝ මුදා හැරීම් හිතා මතාම කිසියම් සංවිධානාත්මක ක්‍රම වේදයකට සිදුකර ඇති බවට අනාවරණය වන බවත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි 17 ක් ලැබී ඇති බවටත් කරුණු අනාවරණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය .අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේද පැවසීය.සැකකාර හිමිනම අන්තර්ජාලයට වීඩියෝ මුදා හැරීම හිතා මතාම බෞද්ධාගමට අපහාසයක් වන අන්දමින් භික්ෂූන් වහන්සේලා අතර ආගමික වෛරයක් ඇතිවන ආකාරයට සිදු කළ බවට කරුණු අනාවරණය වෙනවා. කිසියම් සංවිධානාත්මක පිරිසක් මේ පිටුපස සිටින බවට පැමිණිලි රාශියක් ලැබුණා වීඩියෝ උඩුගත කළ දුරකථනය පිළිබඳව විමර්ශන සිදු කරනවා.

හිමිවරයාගේ බැංකු ගිණුම් දෙකක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් ගිණුමක් වසා දමා ඇති බවත් අනෙක් ගිණුමට රුපියල් ලක්ෂ විසිපහක මුදල් ලැබී ඇති බව කරුණු අනාවරණය වෙනවා .

මෙම සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමට තව දුරටත් පරීක්ෂණ සිදු කරනවා. සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බලන්ගොඩ කස්සප හිමියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර හිමිනම පසුගිය නඩු වාරයේදී බන්ධනාගාර ගත වීමෙන් පසුව කස්සප හිමියන්ට අධිකරණ භූමියේදී තර්ජනය කර සිටි බවය. අධිකරණ භූමියේදී පැමිණිලිකරුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පැවසූ නීතිඥවරයා මෙම සිද්ධි දාමය පසුපස කිසියම් සංවිධානාත්මක පිරිසක් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු තහවුරු කරමින් තවත් විඩියෝ දෙකක් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට සඳහන් කළේය.

සැකකාර හිමිනමත් බන්ධනාගාරගත වීමෙන් පසුව මෙම වීඩියෝ මුදාහැර ඇති බවත් දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයැදි සැකකරුවකු මෙම වීඩියෝ මුදා හැර ඇති බවට නීතිඥවරයා පෙන්වා දුන්නේය. එසේ සිදුකිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ද නීතිඥවරයා පැවසීය. එම කරුණු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ පාර්ශ්වයන්ට හැකි බවට මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේය. මෙම සැකකාර හිමිනම පසුගිය 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

බෞද්ධයන් හා බෞද්ධ භික්ෂූන් වහන්සේ අතර ආගමික වෛරයක් ඇති කරන ආකාරයේ වීඩියෝ පළ කරමින් හැසිරෙන රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධා නමින් සමාජ මාධ්‍යයේ සැරිසරන සැකකරු නොම්බර 32 තිහාරිය, කළකෙඩිහේන යන ප්‍රදේශයේ නිවසක වාසය කර ඇති අතර කාන්තාවන් සමඟ අන්තර්ජාලයට වීඩියෝ මුදා හැරීම සුනඛයකුට චීවරය පෙරවීම, මත්ද්‍රව්‍ය පානය කරමින් අන්තර්ජාලයේ සජීවීව වීඩියෝ පළ කරමින් ස්වාමින් වහන්සේලාට අපහාසයක් වන ආකාරයට බැණ වැදීම ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

2007 අංක 56 දරන සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290,291 වගන්තිය යටතේ වරදවල් සිදු කිරීමට එරෙහිව සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කෙරිණි. සැකකාර හිමිනම දැඩි ලෙස මතට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට රජයේ වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකයක්ද ඉදිරිපත් කෙරිණි.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 02 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකරුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka