දේශපාලන ගැටුම් නවත්වන්න- අගමැති හොඳටම අමතයි!
ආණ්ඩුකාරවරුන් සහ එම පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පවතින දේශපාලන ගැටුම් වහාම නතර කර ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා මැදිහත්වෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී තිබෙනවා.
ඒ ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් සමඟ පැවති විශේෂ සාකච්චාවක් සඳහා එක්වෙමින්.
ආණ්ඩුකාරවරුන් සහ දේශපාලන අධිකාරිය අතර ගැටුම් පවතින බවට තමන්ට නිතරම පැමිණිලි ලැබෙන බවත් සියලු බේද නැති කර ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල සමඟ එක්වන ලෙසත් අගමැතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
මෙවර අයවැයෙන් යෝජනා කර ඇති සියලු ව්‍යපෘතින් කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දුන්නා.
දේශපාලන ගැටුම් නවත්වන්න- අගමැති හොඳටම අමතයි!
2023-12-20T14:47:00+05:30
Gossip Lanka Hot News





