gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මේ වගේ කැත වැඩ ලෝකේ කවුරුත් කරලා නෑ..." - නිරිඇල්ල ජනාධිපති ඉදිරියේ ඇමති විදුරගේ රෙදි නැති කරයි (VIDEO)

රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති ධූරයෙන් පරාක්‍රම නිරිඇල්ල ඉල්ලා අස්වෙයි. රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලට විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක සිදු කළ මැදිහත් වීමක් මෙයට හේතු වී තිබේ.

ඊයේ (19) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැති අතර සභාව අමතමින් පරාක්‍රම නිරිඇල්ල සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළේ ඇමැතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක්කරමිනි.

“ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුක්‍රමයක් තියෙනවා කියන මේ මව්බිම මත, අපේ නාට්‍ය කේෂේත්‍රයේ හදගැස්ම දන්නේ ඒ කේෂ්ත්‍රයේම නියැලී සිටින අපි. ඒ දැනුම අනුව විදේශයන්හි අපේ මව්බිමේ නාමය සටහන් කළ කලාකරුවන් තිදෙනෙකුට හා කලාකාරියකට ඇගයිම් සම්මාන ලබාදීම සුදුසුයි කියලා අපි යෝජනා කළා.

එසේ තිදෙනෙකු යෝජනා කළේ, මීට පෙර එලෙස ලබාදී තිබූ බව දැනගෙනයි.
නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාට 2023 දෙසැම්බර් 11 වෙනිදා ලිපියක් යවලා එක් අංශයකට එක් සම්මානයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙන නිසා ඔහුට හිමිවිය යුතු සම්මානය ලබන අවුරුද්දේ දෙනවා කියලා. කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ ගැන විමසීමේ දී දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව වෙනස සිදුකළ බවයි.

මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙමෙයි. මේ ලෝකේ කොහේදීවත් සිදුවුණා කියලා මම අහලා නෑ. මේක නාට්‍ය කලාවලට මෙහෙවරක් කළ කලාකරුවෙකුට කළ අගෞරවයක්. සදාචාරයට පටහැනි දෙයක්. මකා දැමිය නොහැකි කිළුටක්. ඇමතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට තීරණ හිතුමතේ වෙනස් කරන්න පුළුවන්නම් මම සහ අපි, මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ.

මේ නිසා මම මේ වේදිකාවෙන් පහළට බසින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතීත්වයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉවත්වෙනවා. මට කරන්න දේවල් තියෙනවා. මට එළියට බැහැලා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මට ජනතාව අතරට යන්න පුළුවන්.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka