gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාප නායකත්ව මණ්ඩලයට සාගල,හරීන්,රවි,රුවන්,වජිර,අකිල සහ නවීන්!

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තනතුර හැර අනෙක් සියලු තනතුරු අහෝසි කර පක්ෂයේ දේශපාලන වැඩසටහන් හා පරිපාලන කටයුතු ජනවාරි 16 වැනිදා සිට නායකත්ව මණ්ඩලයකට පැවැරීමට පක්‍ෂ නායකත්වය තීරණය කොට ඇති බව වාර්තා වන බව ‘මව්බිම’ අනාවරණය කරයි.

එම වාර්තාවට අනුව, මෙම වෙනස ගැන පක්‍ෂයේ ඉහළ පෙළේ තනතුරු දරන පුද්ගලයන් කිහිපදෙනකුගෙන්ම විමසූ විට ඔවුන් සඳහන් කර ඇත්තේ, එවැනි දෙයක් ගැන තමන් දැනුවත් වී නැති බවයි.

එ.ජා.ප. නායකත්ව මණ්ඩලයට පත්කිරීමට යන පුද්ගලයකුගෙන් මේ වෙනස ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ, පක්ෂයේ ලේකම් තනතුර හැර අනෙක් සියලු තනතුරු ජනවාරි 01 වැනිදා සිට අහෝසි වන බවයි.

ඔහු සඳහන් කර ඇත්තේ, එ.ජා.ප. නායකත්ව මණ්ඩලයට සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, රවි කරුණානායක, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන පක්ෂයේ ප්‍රධානීන් පත්කිරීමට යෝජිත බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ, නායකත්ව මණ්ඩලයට පත්කරන්නේ කවුරුන් දැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර නැති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka