gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එජාපය සහ සමගි ජනබල වේගය එක් කිරීමට මලික්ගෙන් සැලැස්මක්!

එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි මැතිවරණ සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් සංවිධාන කටයුතු විවිධ පාර්ශව වෙත භාර දී තිබේ.

ඒ පසුගිය දා රැස්වු එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ රැස්වීමේ දි බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය ලබන වසරේදී මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සංවිධාන කටයුතු ඉතා මන්දගාමීව සිදුකෙරෙනු අතර ලබන වසරේ දී එය නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කිරීමේ උත්සහයක් පවතින බව වාර්තා වේ.

මෙහි මුලිකත්වය මලික් සමරවික්‍රම මහතා විසින් ගෙන ඇති අතර මේ සඳහා තවත් කිහිපදෙනෙකු එක් වී ඇති බව සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමය සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ සැලකිය යුතු පිරිසකගේ කැමැත්ත පළ වී තිබේ.

එහෙත් විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් පළ කර නොමැති බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka