මේ වසරේ ලංවිම වියදම රුපියල් බිලියන 575ක් බවට තමා කළ පුරෝකතනය දැනටමත් සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පෙන්වා දෙයි.
ඔහු අවධාරණය කලේ සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහා අඩු කළ යුතු බවයි.
“ මේ වසරේ මුලදී ලංවිම කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ගාස්තු ඉහල දැමීමේ යෝජනාව මගින් 2023 ලංවිම වියදම රුපියල් බිලියන 720ක් ලෙස පුරෝකථනය කර තිබුණා. නමුත් එය වැරැදියි. ඒ අවස්ථාවේදී මා විසින් කළ පුරෝකතනය අනුව ලංවිම වියදම රුපියල් බිලියන 575කට සීමා වෙනවා. “
“ඒ අනුව මේ වසරේ පෙබරවාරි 15ට පෙර සකස්කල ගාස්තු සංශෝධනය මගින් ලංවිමට රුපියල් බිලියන 575ක් උපයාගත හැකි පරිදි සාධාරණ ගාස්තු වැඩිකිරීමක් සකස්කළා. ඒ අනුව සියයට 35ක ගාස්තු වැඩි කිරීමක් මේ වසරටම ප්‍රමාණවත් වන බව මම පෙන්වා දුන්නා. නමුත් අවාසනාවකට මා කල නිර්දේශය වෙනුවට ලංවිම කළ යෝජනාව එලෙසම ක්‍රියාත්මක කළා.”
“ඒක නිසා ලංවිමට අධික ලාභයක් ලැබෙන තත්ත්වයක් උදා වුණා. විදුලි පාරිභෝගිකයා සුරාකෑමට ලක් වුණා. දැන් වෙනකොට මාස 11ක් අවසන් වී තිබෙනවා. මාස 11ක සත්‍ය දත්ත් මේ වන විට නිකුත් වී අවසන්. මුල් මාස 11 තුළ ලංවිම වියදම රුපියල් බිලියන 540කට ආසන්නයි. දෙසැම්බර් මාසයේදි තවත් බිලියන 38ක වියදමක් ඇස්තමේන්තු කළ විට වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 575කට ආසන්න වෙනවා. “
“මේ වියදම පූරණය සදහා ඒකකයක සමාන්‍ය මිල රුපියල් 42ක් තිබුණා නම් ප්‍රමාණවත්. මම මේ වසරේ මුලදී නිර්දේශ කලේ ඒකක වියදම රුපියල් 42ක් කියන පදනම යටතේ සකස් කළ ගාස්තු ක්‍රමයක්. එම ක්‍රමය මුළු වසරටම ප්‍රමාණවත්. ඒ ගාස්තු ක්‍රමය යටතේ ලංවිම සමස්ත වියදම රුපියල් බිලියන 575ක් කියල ගණනය කළා. එය සත්‍ය බවට දැන් තහවුරු වෙලා තිබෙනවා. “
“මෙය සත්‍ය තත්ත්වය වුවත් ලංවිම මේ වසරේ දෙවරක් ගාස්තු වැඩිකලේ මේ සත්‍ය වියදම පදනම් කරගෙන නෙවෙයි. ඔවුන් පදනම් කරගත්තේ ලංවිම වාර්ෂික වියදම රුපියල් බිලියන 720ක් බවට. ඒ අනුව විදුලි ඒකකයක් වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න වෙලා තිබෙනවා රුපියල් 50ක පමණ වියදමක්. වැරැදි ලෙස වියදම ඇස්තමේන්තු කළ නිසා ලංවිමට දැන් අධික ලාභයක් ලැබෙනවා.”

“ ඉන් ආර්ථිකයට විශාල හානියක් වුනා. කර්මාන්ත ශාලා වැසි ගියා. පාරිභෝගිකයො පරිභෝජනය අඩු කළා. ලක්ෂ ගණනක විදුලිය විසන්ධි කලා. “
“දැන් වහාම කල යුත්තේ විදුලි ගාස්තු අඩු කිරීමයි. ඝෘජුවම විදුලි පාරිභෝගිකයාට වාසිය ලබා දිය යුතුයි. ඒ වගේම මේ වැරැදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන හා ඒවා අනුමත කරන බලධාරීන් හා නිලධාරීන්ට එරෙහිවත් ක්‍රියාකළ යුතුයි.”