මහින්දගේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් චරිතය ගැන හඳුන් කියයි
වැට් බදු වැඩිකිරීම සම්මත කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශකර පසුව එම බදු ප්‍රතිපත්තියට විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කිරීමත් සමඟ එම පෙරමුණ සිය දෙබිඩි පිළිවෙත පෙන්වා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකළේ නම් වැට් බදු වැඩිකිරීමට නොහැකි වනු ඇති බවයි.
“මහින්ද රාජපක්ෂ දැන් රඟපාන්නේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ. වැට් බදු වැඩිකිරීම පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඡන්දය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් බදු ප්‍රතිපත්තියට විරුද්ධයි කියනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරක් වැට් පනත සම්මත කරන්න බැහැ. ඔහුට තියෙන්නේ එක ඡන්දයයි. ඔහු පාර්ලිමේන්තුවේදී වැට් බද්ද වැඩි කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ එක්වයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
මහින්දගේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් චරිතය ගැන හඳුන් කියයි
2023-12-22T10:03:00+05:30
Gossip Lanka Hot News





