gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශානි අබේසේකර මහපාරේ මරා දමන්න සූදානම්... නීතිපති අභියාචනාධිකරණයට කියයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (දෙසැ. 4) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

බුද්ධි අංශ සඳහන් කර ඇත්තේ, ශානි අබේසේකර මහ මග ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කර ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට අනාවරණය වී ඇති බව ය.

ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශානි අබේසේකර විසින් ගොනු කරනු ලැබ ඇති රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම් දීම සිදු කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබේ.

අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝග කර තිබුණේ, ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ය.

පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, තම සේවාදායකයාට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත් ම සෑහීමකට පත්විය නොහැකි බව ය.

පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇතැයි ඔහු එහිදී අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

තව ද පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණ ත් එය මේ දක්වා ඉටුවී නොමැති බවට ද ඔහු චෝදනා කර තිබේ.

අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය දෙසැ. 14 වන දා කැඳවන ලෙස නියෝග කර ඇත.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka