gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්... ධුරයෙන් ඉල්ලා අස්වන බව කියයි

තම පුද්ගලික ව්‍යාපාර හෝ පරිහරණය සඳහා මහජන මුදල් යොදාගෙන ඇතැයි ඔප්පු කළොත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදාත්මක තත්ත්වයකදී ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද එහිදී සිදුවිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ විගණන වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස මහතා මුදල් අවභාවිතා කර ඇති බවට ඔප්පු වන බවයි.
 
එනිසා පැවසූ පරිදි වහාම ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka