මත්තල ගුවන්තොටුපොළත් පිටරට සමාගමකට දෙන්න තීන්දු කරලා ඉවරයි!
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියා ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර තිබේ. වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි.
ඒ අනුව ඉදිරියේදි එම සමාගම සමග ගිවිසුමකට එළඹීමට නියමිතයි.
මේ යටතේ මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අදාළ සමාගම විසින් සිදු කරනු ඇති.
එහි සේවයට යොදවා ඇති ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ද එම සමාගම විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, ලැබෙන අදායමෙන් කොටසක් රජයට හිමිවන බවයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නඩත්තුවට වාර්ෂිකව රජය රු. මිලියන 2000ක් වැය කරන අතර නව වැඩපිළිවෙළත් සමග එම මුදල ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ඉදිරියේදි එම සමාගම සමග ගිවිසුමකට එළඹීමට නියමිතයි.
මේ යටතේ මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අදාළ සමාගම විසින් සිදු කරනු ඇති.
එහි සේවයට යොදවා ඇති ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ද එම සමාගම විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, ලැබෙන අදායමෙන් කොටසක් රජයට හිමිවන බවයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නඩත්තුවට වාර්ෂිකව රජය රු. මිලියන 2000ක් වැය කරන අතර නව වැඩපිළිවෙළත් සමග එම මුදල ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
මත්තල ගුවන්තොටුපොළත් පිටරට සමාගමකට දෙන්න තීන්දු කරලා ඉවරයි!
2023-12-06T15:00:00+05:30
Gossip Lanka Hot News