gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ක්‍රීඩා ඇමති සහ නව ඇමති හැප්පෙයි - රොෂාන් හරීන්ගේ ගූගල් බැලූන් ගැනත් කියයි (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරේන් ප්‍රනාන්දු ඊයේ නිල වශයෙන් මේ රටේ වංචාව සහ දූෂණය පිළිගත් බව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම තමන් පෙනී සිටින්නේ තමන්ට බලය ලබා දුන් හැට නව ලක්ෂයේ ජන වරම වෙනුවෙන් බවත්, තමන් කතා කරන්නේ දූෂණයට වංචාවට එරෙහිව ක්‍රියා කිරීමට ජනතාවට ලබා දුන් පොරොන්දුව මත බවත්, මේ වනවිට තමන් විපක්ෂයට යෑමට සූදානම් බවට පලවන කතා අමූලික බොරු බවත් ප්‍රකාශ කරමින් ආණ්ඩුවට කීවේ කැත වැඩ නොකරන ලෙසය.

හිටපු ඇමතිවරයා මෙසේ කීවේය.

“   ශ්‍රී ලංකා ක්‍රිකට් එක සම්බන්ධයෙන් විගණනය කරලා විගණනයේ උත්තරීතරම ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ ඉදිරිපත් කරලා තිබ්බා. ඒ අනුව තමයි   මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මට බලතල දීලා තිබුණේ ක්‍රීඩා පනතේ 32 හා 33 යටතේ දූෂණයක් සිදුවී ඇතිනම් ගත යුතු  ක්‍රියාමාර්ග ගන්න. මම වහාම ඒ ක්‍රියාමාර්ග යටතේ කටයුතු කළා.”

“  ඒ අනුව 2023 නොවැම්බර් මස 05 වැනිදා මා විසින් ගෙනාපු ගැසට් පත්‍රය 2356/43 ඊයේ දිනයේ ක්‍රීඩා අමාත්‍යවයා විසින් ඉවත් කරලා තිබ්බා. ඒ කියන්නේ දූෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරන වගයි මේකෙන් පේන්නේ. මොකද විගණන දෙපාර්තමේන්තුවට වඩා වැඩි ආයතනයක් නෑ  රටේ විගණනය සම්බන්ධයෙන්.”


මේ අවස්ථාවේ දී හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයා නැගී සිට මෙසේ කීවේය.


“ඊයේ දවසේ දි වෙච්චි සිද්ධියෙදි කිව්වා හොරු ආරක්ෂා කරන්න ගැසට් එකක් අයින් කළා කියලා. එහෙම එකක් වුනේ නෑ. අයි.සී.සී.යට ලිපියක් යැව්වා ඔඩිටර් ජනරල් වාර්තාව එක්ක නිරික්ෂණයට. මොකද ඒ මුදල් අයිතිය තියෙන්නේ අයි.සී.සී. එකට. ඒ ලිපිය මම සභාගත කරන්නම්. “

“ඒ වගේම ලංකාවේ නීතියක් තියනවා හොරකම් කිරිම සම්බන්ධව  ඇටර්නි ජනරල් දෙපාර්තමේන්තුවට . 2019 ගෙනාපු දූෂණ මර්ධන නීතියක් තියනවා. ඒක යටතේ හොරකම් කරන එකට දඬුවම් කරන්න  ඇටර්නි ජනරල් දෙපාර්තමේන්තුවට භාර දීලා තියනවා.”

“නමුත් අයි.සී.සී. තහනම ඉවත් කරගන්න ගැසට් එක අයින් කරගන්න සිද්ධ වුනා. වැරදි අර්ථ කථනයක් කරන්න එපා ගැසට් එක අයින් කළේ හොරු රකින්න කියලා. “

ඒ අවස්ථාවේ දී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා නැගී සිට පැවසුවේ මේ  විගණන වාර්තාව  නීතිපති වරයාට යැව්වේ අගොස්තු 23 වැනිදා බවය. සිද්ධිය සම්බන්ධව අයි.සී.සී එකත් දැනුම්වත් කර ඇති බවය.

රට නොමග නොයවන ලෙස ඔහු හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාට කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka