අයවැය වැඩි ඡන්ද 41කින් සම්මතයි!
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81කි.
ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77 කි.
අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22 වනදා සිට අද දිනය දක්වා පැවැත්වුණි.

2023-12-13T19:33:00+05:30
Gossip Lanka Hot News