gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

BMICH හි ඔන්ලයින් කාර් සේල් හිමිකරු කෝටි 41/2ක් අරගෙන පැනල ගිහින්!

මාර්ගගත ක්‍රමයට වාහන අලෙවි කරන කාර්-යාලයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන යමින් වාහන දෙකක් මිලදී ගැනීම සඳහා එහි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් කෝටි හතරහමාරක මුදලක් රැගෙන පසුපස දොරින් පලාගිය ව්‍යාපාර හිමිකරුවෙකු සොයා කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම කාර්යාලයේ සේවය කළ කළමණාකරු සේවිකාවන් ඇතුළු හය දෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දෙවැනි කොටසේ කාර්යාලයක් ව්‍යාපාරයේ හිමිකරු බව කී ප්‍රධාන සැකකරු බදු පදනම මත ලබාගෙන ඇත්තේ පසුගිය 11වැනිදාය. 

විවිධ පුද්ගලයින් විසින් අලෙවි කිරීමට යන වාහන තම කාර්යාලයේ සම්බන්ධීකරණය මත අලෙවි කරවීමේ අතරමැදි සමාගමක් වශයෙන් මෙය පවත්වාගෙන ගොස් ඇතැයි විමර්ශනෙවලදී හෙළිව තිබේ.

මෙම කාර්යාලය මගින් අන්තර්ජාලය ඔස්සේ පල කරන ලද දැන්වීමකට අනුව ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් සහ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම සදහා ගැණුම්කරුවන් දෙදෙනෙකු සහ ඒවායෙහි හිමිකරුවන් දෙදෙනා ලිපි ලේඛණ හා මුදල් ද සමගින් ඊයේ (20 වැනිදා) දහවල් එම කාර්යාලයට පැමිණ ඇත.

පසුව ලෑන්ඩ් කෘසර් වර්ගයේ මෝටර් රථය රුපියල් කෝටි තුනකටත්, හයිබ්‍රිඩ් මෝටර් රථය කෝටි එකහමාරකටත් අලෙවි කර එම මුදල් ගැනීමට අවශ්‍ය බව පවසමින් කාර්-යාලය තුළට රැගෙන ගොස් ඇත. 

ඒ ගැණුම්කරුවන් දෙපළටත් හිමිකරුවන් දෙපළටත් කාර්-යාලයේ අසුන්ගෙන සිටින බව පවසමිනි.

දීර්ඝ වේලාවක් ව්‍යාපාර හිමිකරු නොපැමීණීම මත ගැණුම්කරුවන් දෙපළ ඒ පිළිබඳ කාර්-යාලයෙන් විමසා ඇත.

ඔහු ගැන තොරතුරු නොමැති නිසා මුදල් ලබාදී වාහන ද්විත්වය මිලදී ගත් දෙදෙනා කලබලයට පත්ව ඇත. 

මෙම අවස්ථාවේ ව්‍යාපාර සමාගමේ කළමණාකරු පවසා ඇත්තේ සර් දැන් එයි. රෙස්ට් කරනවා යනුවෙනි.

එහෙත් ව්‍යාපාර හිමිකරුබොහෝ වේලාවක් යනතුරු පැමිණ නැත. 

සෝදිසි කිරීමේ දී ඔහු මුදල් ද රැගෙන පලා ගොස් ඇතැයි දැන ගන්නට ලැබී ඇති අතර ඒ ගැන කුරුඳුවත්ත පොලිසියට දැනුම් දී ඇත.

කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බන්ඩාර සේනානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර බන්ඩාර ඇතුළු නිලධාරීන් පැමිණ කරන ලද පරීක්ෂා කිරීමේදී ව්‍යාපාර හිමිකරු කාර්-යාලයේ ඇති ස්ටිකර් වලින් බිත්තියේ වර්ණයට සමානව ආවරණය කර ඇති දොරටුවකින් පිටව ගොස් ඇති බවද නිරීක්ෂණය වී ඇත.

මෙම සැකකරු මාර්ගගත ක්‍රමයෙන් කුලී ත්‍රීරෝද රථයක් ගෙන්වාගෙන කාර්-යාලයේ පිටුපස දොරටුවෙන් පිටව ගොස් තිබෙන අතර ඔහු ත්‍රීරෝද රථයෙන් තුම්මුල්ල හංදිය කරා පැමිණ එම ස්ථානයෙන් බැස පලාගොස් ඇත. 

ඔහු පලායන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශන වලද දැක්වේ.

අත්අඩංගුවට ගත් සේවිකාවන්ගෙන් හා කළමණාකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුවන අතර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාරගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.

සැකකරුවන් හය දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මූලාශ්‍රය – අරුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka