පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය සම්බන්ධව සියලුම තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනවිතරත්න, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, වෙත එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් අවස්ථා 07ක දී ලිඛිතව දන්වා ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු වුනේය.
මෙම හෙළිදරව්ව සිදුවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්දව මහජන අරාක්ෂාව පිළිබඳ ඇමතිවරයාගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා වෙනුවෙන් එම පිලිතුර සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පහත නිලධාරින් වෙත අදාල බුද්ධි තොරතුර යොමුකර ඇති ආකාරය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් වුයේ මෙසේය.
04.07 දින S1612/2019 ලපිය මගින් 2019.04.04 විදේශ බුද්ධි ආයතනයක් විසින් ලබා දුන් තොරතුරු පිළිබඳව දැනගැනිම සහ උපදෙස් පතා ජාතික බුදධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් වෙත ලිඛිතව යොමු කර ඇත.

04.04 දින විදේශ බුද්ධි ආයතනයෙන් ලද තොරතුරු විශ්ලේෂණය කර, ප්‍රහාරය පිළිබඳ එම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු, එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු 19.04.09 වැනි දින S1612/2019 දරන ලිපිය මගින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.
19/04/18 දින S1758/2019 දරන ලිපිය මගින් 19.04.16 වැනි දින තාලංකුඩා ප්‍රදේශයේ කරන ලද යතුරුපැදි පිපිරවීම යම් කිසි පිපිරවීමකට පෙර සහරාන් ඇතුළු කණ්ඩායම කළ පුපුරුවා හැරීමක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ලිඛිතව දැනුම්වත් කර ඇත.
19/04/19 දා S1758/2019 දරන ලිපිය මගින් කාලංකුඩා යතුරුපැදිය පුපුරුවා හැරීම සම්බන්ධව වැඩිදුර වාර්තාව සහ සහරාන් ජාලය සමග සමීපව සම්බන්ධතා පවත්වන විදේශීය දුරකථන අංක සහිතව වැඩිදුර වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සිරිවර්ධන වෙත ලිඛිතව දැනුම් දී ඇත.
19/04/20 දින අංක S1958/19 දරන ලිපිය මගින් සහරාන් ගැවසෙන ප්‍රදේශ හා ඔවුනගේ ජාලය ගැන වැඩිදුර තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න වෙත ලිඛිතව දැනුම්වත් කර ඇත.
04.20 දින වට්ස් ඇප් ටෙක්ස්ට් පිණිවිඩ මගින් 2019.04. 21 දා හෝ ඊට පෙර ඕනෑම වෙලාවක දී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ක්‍රියාකාරීන්වන සහරාන් ඇතුළු කණ්ඩායමක් කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගයට යෑම සඳහා කරන ප්‍රහාරයක් සඳහා සූදානමක් ඇති බවත් අත්හදා බැලීමක් 19/04/16 දින තාලංකුඩාවලදි සිදුකළ බවටත් ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න දැනුම්වත් කර ඇත
19/04/21 දින වට්ස්ඇප් මගින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, දැනුම්වත් කර ඇත.
ප්‍රහාරයක් ලබාදෙන බවට තොරතුරු ලබා දී තිිබියි දී එම තොරතුරු මත ක්‍රියා කිරීමට නිසි අවධානය යොමු කළේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් සිදුකළ කොමිෂන් සභා වාර්තා මගින් පිළිබිඹු වන බවත් සභානායකවරයා ප්‍රකාශ කළේය.
ලංකාසර