ඉන්ටවල් ඉවරයි.. යුක්තිය අරඹයි.. ‘ඝාතනයකට සූදානම්ව සිටි’ පාතාල නායක හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධත් සමග අල්ලයි!
‘යුක්තිය’ මෙහෙයුම යටතේ සිදු කළ වැටලීමකදී ඝාතනයක් සඳහා සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු කටුනායකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක පොලිසිය මගින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 5ක් හමුව ඇත.
එහිදී පොලිසිය සිදු කළ වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු ‘හීනටියන මහේෂ්ගේ’ ගෝලයෙකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බව ත් හෙළිදරව් වී තිබේ.
මීට අමතරව ඝාතනය කිරීම සඳහා භාවිතයට ගැනීමට සූදානම්ව සිටි මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ කිහිපයක් ද භාරයට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන්ගේ මෙහෙයවීමෙන් සහ මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සිදු කර තිබේ.
ඉන්ටවල් ඉවරයි.. යුක්තිය අරඹයි.. ‘ඝාතනයකට සූදානම්ව සිටි’ පාතාල නායක හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධත් සමග අල්ලයි!
2023-12-27T09:27:00+05:30
Gossip Lanka Hot News






