gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිත්තර හැංගුවේ මිල නැග්ගුවේ ඇමති හා ඥාතියාද?

බිත්තර තොග මිල රුපියල් 60 දක්වා වෙළඳ පොළ තුළ ඉහලයාමෙන් පසුව ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් ඊයේ  (13) හා අද (14) වෙළෙඳපොළට නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කිරීමත් සමඟ කසුකුසුවක් මතුව තිබේ.

මේ අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටින්නේ වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි.

සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවද ඔහු කියා සිටී.

 මේ අතර, නිවුස් ෆස්ට් වාර්තා කර ඇත්ත‌ේ  බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද පැවසු බවයි.

බිත්තර තොග සඟවා සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද ඔහුම පැවසුයේ යැයි එහි වැඩිදුරටත් සදහන්ව තිබේ.

එලෙස තොග සඟවා තබා ගන්නා ස්ථාන පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බවද ඔහු පැවසූ බව එහි දැක්වේ.

මිල තීරණය කරන ලොකුම කූල්රූම් ඇති ඇමති ඥාතියා

මේ අතර, ලංකාවේ ලොකුම ශීතාගාර ඇත්ත‌ේ ජා-ඇල ප්‍රදේශයේ බවත්, එය ඇමති ඥාතියකුට අයත් බවත්,  ජාතික පාරිභ‌ෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා චෝදනා කරයි.

බිත්තර තොග මිල තීන්දු කරන්න‌ේ ද අදාළ ඇමති ඥාතියා බවත්, ඔහුට එම බලය දී ඇත්තේ අමාත්‍යවරයා විසින්දැයි තමා ප්‍රශ්න කරන බවත්, අසේල මහතා විමසා සිටියි.

ඇමති බිත්තර හංගා, ඥාතියා ලවා බිත්තර හිඟය හා මිල වැඩි කිරීම සිදු කළ බවටද ඔහු චෝදනා කර සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka