කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනයවන රැඳවියන්ටත් ගැටලු රැසක් පවතින බවත් ඒ අතරින් ආහාර ප්‍රශ්නය ප්‍රධාන බවත් පොලොන්නරු තරුණ භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක අභයපුර පුලස්තිගම ශ්‍රි ශාන්ත නිකේතනාරාමයේ විහාරාධිපති දොම්පේ ශාන්ති විහාරී හිමියෝ පවසති.
මාධ්‍ය අමතා උන්වහන්සේ ප්‍රකාශ කළේ ආහාර ප්‍රශ්නය සම්බන්ධව තමන්වහන්සේම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට අවස්ථා කීපයක දී දැන්වූ බවත්, කඳවුරේ රැඳවියන් සඳහා ලැබෙන වියලි ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගම්මානවලට හොර රහසේ විකිණෙන බවට වූ චෝදනා පැවති බව ද උන්වහන්සේ කීහ.
මාධ්‍ය හමුවේ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
ළමයි ඇතුළෙ ගහගන්නවා. රණ්ඩු වෙනවා. මේ ගැටුම ඇති වෙලා තිබෙන්නේ ඊයේ හවස. මේ වෙලාවෙ පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල්තුමාට මතක් කරන්න ඕන ගිය වසර තුළත් මේ ගැටුම ඇති වුනා. ඒ දරුවන්ගේ ප්‍රශ්න තියනවා. එකක් තමයි කෑම නෑ කියන ප්‍රශ්නය.
මේ කෑම නෑ කියන ප්‍රශ්නයේ දී හිටපු ආඥාපතිවරුන්ට පවා මම දැනුම් දීලා තියනවා. මතක් කරලා තියනවා. දරුවන්ට හම්බවෙන කෑම ගම්මානවලට විකුණනවා කියලා කතාව දිගටම තියනවා. ඒක සොයා බලන්න කියලා වෙනම බුද්ධි කණ්ඩායමක් පත් කළා. සිංහපුර වැලිකන්ද ගම්මානවලට දරුවන්ට දෙන වියලි ආහාර විකුණනවා කියන එකට ආරංචි තිබුනා. ගොඩාක් විකුණනවා කියන්නේ හාල්මැස්සො.
වියලි ආහාර විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් පැන්නීම ගැන චෝදනා එද්දි විවිධ මණ්ඩල පත් කළා. දැම්මට කිසිම දෙයක් හොයා ගන්න බැරිවුනා. අපි පුනරුත්ථාපන ජෙනරාල්තුමාගෙන් ඉල්ලන්නෙ දරුවන්ට හරියට කන්න දෙනව ද කියලා හොයලා බලන්න කියලා.
අනික ලොකුම ප්‍රශ්නය තියෙන්නේ දහසක් එන සොමාවති පුදබිම. මෙහෙම දේවල් දිගිනි දිගට වෙන්න හොඳ නෑ. ගියපාරත් ගෙවල්වලට පැනලා විශාල අලාභානි ප්‍රමාණයක් සිද්ධ කළා. එහෙම වුනේ නෑ මේ පාර පුලස්තිගම පොලිස් ස්ථානාධිපතිතුමා එස්.එස්.පී මහත්තයා ඇතුළු පොලිසිය හමුදා කණ්ඩායම් එක්ක ඉදිරියට ගිහින් මේ ගැටලුව සමතයකට පත් කරගත්තා.
මොනව උනත් පුනරුත්ථාපන කඳවුරක් කියන්නේ දරුවො හදන තැනක්. නැවත නැවත මේ සිද්ධි වෙන්න ගියොත් ඒක රටටත් රටේ ප්‍රතිරූපයටත් හානියක්.
උන්වහන්සේ කීහ.
මනම්පිටිය නිමල් ජයරත්න
