යොවුන් පිල එක්සත් අරාබියට පරදින්න පෙර සනත්, හරීන් ක්‍රීඩකයන් අමතලා!
ගිය සති අන්තයේ අබුඩාබි ටී 10 තරගාවලියේ අවසන් තරගය නැරඹීමට එහි ගොස් සිටි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා සනත් ජයසූරිය තරගය අවසානයේ ආසියානු කුසලානය සඳහා තරඟවදින ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි ඩුබායිහි හෝටලයට මහ රෑ පැමිණ ක්‍රීඩකයන්ට දිරිගැන්වීමේ කතාවක් කර ඇතැයි වාර්තා වේ.
අබුඩාබි ටී 10 තරගයේ විස්තර විචාරයේ යෙදුනු ෆර්වීස් මහරූෆ් ද ඒ වනවිට අබුඩාබියේ රැඳී සිට ඇත.
ඇමති හරීන් සහ සනත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවන විට මුල් තරගයෙන් ජපානය පරදවා සිටියේය. කෙසේ වෙතත් දිරිගැන්වීමේ කතා අවසානයේ දී පැවති දෙවෙනි තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල එක්සත් අරාබි එමීර් පිල වෙතින් කඩුලු 2 ක අනපේක්ෂිත පරාජයක් ලැබීය.
මුල් වටයේ ඉතිරි බංග්ලාදේශ තරගයද පරාජය වුවහොත් ශ්‍රී ලංකා යොවුන් පිලට අවසන් පූර්ව තරග වරම් අහිමි වනු ඇත
ලංකාසර
යොවුන් පිල එක්සත් අරාබියට පරදින්න පෙර සනත්, හරීන් ක්‍රීඩකයන් අමතලා!
2023-12-12T13:01:00+05:30
Gossip Lanka Hot News





