විනය කැඩූ කුසල්ට වැඩ වරදී... ජාත්‍යන්තර තරගයක් හෝ දේශිය තරග කිහිපයක තහනමක්...? (VIDEO)
ඔහු අපේ රටේ ජ්‍යාත්‍යන්තර කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්..
ඒ වගේම එක එක කාල වලදී විනය විරෝධී ක්‍රියා නිසාත් ඔහු ගැන බොහෝ දෙනෙක් වැඩිපුර කතා කළා..
කුසල් මෙන්ඩිස්ගේ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා..
කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රමුඛපෙළ ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ දී එස්එස්සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර පැවති තරගයේ දී ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ දොරකට පහරදී හානිකර ඇති බවටයි මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ..
ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ සඳුන් වීරක්කොඩි අතට උඩපන්දුවක් ලබාදී ලකුණු 00කට දැවී ගිය අවස්ථාවේ දී ඉන් කුපිත වීම නිසා ඔහු මෙසේ දොරකට පහර දී ඇති බවයි වාර්තා වන්නේ..
මෙම සිදුවීම සම්බන්ධයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ලිඛිත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා..
එමෙන්ම තරග තීරක වාර්තාව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවද සඳහන්...
ඒ අනුව ඔහුට ජාත්‍යන්තර තරගයක් හෝ දේශීය තරග කිහිපයක තහනමක් පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හමුවට අදාළ ගැටලුව පිළිබඳව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි...
විනය කැඩූ කුසල්ට වැඩ වරදී... ජාත්‍යන්තර තරගයක් හෝ දේශිය තරග කිහිපයක තහනමක්...? (VIDEO)
2023-12-30T07:56:00+05:30
Gossip Lanka Hot News





