gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාවට මම කටඋත්තර දෙන්නේ මොකට ද?.. කෙහෙළිය අසයි!

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් තමන් ඊට තමන් සූදානම් බවය.

“පැමිණිලිකරු මමයි. මා පැමිණිල්ල සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ….පැමිණිල්ලක් කියන්නේ ප්‍රකාශයක්. පැමිණිල්ලේ  සියලුම විස්තර ඇතුළත්. නමුත් කවදා හරි පැමිණිල්ලට අදාළව වැඩි විස්තර ලබාගන්න අවශ්‍ය නම් ඒකට අවස්ථාවක් තියෙනවා.”

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු  ලබා දෙමිනි.

අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ  ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවකදී ඒ පිළිබඳ දැනගත් විට තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමු පැමිණිල්ල කළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන්  නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති  දෙපාර්තමේන්තුවට පිටු දෙකක ලිපියක් ද ලියූ බව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka