gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය බලපෑම වැඩකරයි! - චීන නෞකාවට මෙරටට ඇතුල්වීමේ තහංචියක්!

විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක

කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධව අදාළ රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

නමුත් පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම්ලා හැකි බවත් එය වැළැක්විය නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය තවදුරටත් කියා සිටියි.

මෙම තීරණයත් සමඟ චීනය ලබන ජනවාරි 5 වැනිදා සිට මැයි මාසය අවසානය දක්වා දකුණු ඉන්දියානු මුහුදු ගැඹුරු ජලයේ පර්යේෂණ කටයුතු කරන ෂියෑන් යැන්ග් හොන්ග් 3 (Xiang Yang Hong 03) චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වාරයේ නැංගුරම්ලෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේද යන ප්‍රශ්නය කතා කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

 ෂි යාන් 6 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් සිය සමීක්ෂණය අවසන් කර පසුගිය 2 වැනිදා සිංගප්පූරුවට ළඟා වූ අතර ඉන් පසුව තවත් පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන ෂියෑන් යැන්ග් හොන්ග් 3 කොළඹ වාරයේ නැංගුරම්ලා ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට චීනය ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට ෂියෑන් යැන්ග් හොන්ග් 3 නෞකාවට අවසර ලබා නොදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා සිටියේය.

- theleader


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka