gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලයේ මුරකරු ඝාතනය කර පිංකැටය කොල්ල කෑවේ මනුෂ්‍ය ඝාතන කීපයක් සිදුකර රක්ෂිත බන්ධනාගාරයේ සිටිය දි පලා ගිය අයෙක්… සැකකරු අත්අඩංගුවට!

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන පලාගිය සැකකරු සමන්තුරේ නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදී ඊයේ  (19) රාත්‍රියේ සමන්තුරේ පොලිිසයි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මනුෂ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සයින්දමරුදු , කල්මුණේ , සමන්තුරේ පොලිස් ස්ථානවලට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත්,   මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිට බන්ධනාගාරයෙන් පලාගිය සැකකරුවෙකු බවත්  දැනට කරන ලද මුලික විමර්ශනවල දී  අනාවරණය වී ඇතැයි සමන්තුරේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි.

සැකකරු හැටන් ප්‍රදේශයේ දින ගණනාවක් රැදි සිටිමින් ඉකුත් (09) දින අලුයම හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා  මුදල් රැගෙන යාම සම්බන්ධයෙන් සැකකරුගේ ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාර වි තිබිණී.

එමෙන්ම හැටන් පොලිසිය මගින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ද කළ දැනුම් දිමක් සිදු කර ඇත. ඒ අනුව සමන්තුරේ පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka