gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අයවැයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරෙව්වොත් ඡන්දේ තියන දවස් මෙන්න

ලබන 15 වැනිදා පැවැත්වෙන පොහොට්ටුවේ පක්ෂ සම්මේලනයේදී ගන්නා තීන්දු තීරණ අනුව ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද තීරණය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

යම් ලෙසකින් පොහොට්ටුව ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් පවතින බවද වාර්තා වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට මේ වන විට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට බලය තිබෙනවා.

උදාහරණයක් ලෙස 2023 දෙසැම්බර් 18, 2024 ජනවාරි 2, පෙබරවාරි 2 හෝ මාර්තු 2 යන දිනවලින් එකක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ප්‍රකාශයට පත් කරන්නේ නම්, නාම යෝජනා බාර ගැනීමේ දිනය සහ මැතිවරණ පැවැත්වීය හැකි ආසන්නතම දිනය හා දුරස්ථම දිනයන් පහත පරිදි සිදුවිය හැකි බව හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළා.

ඒ අනුව 2023 අය වැයට පසුව (දෙසැම්බර් 18) පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, පෙබරවාරි දෙවන සතියේ ද, 2024 ජනවාරි 2 දිනට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, පෙබරවාරි අවසන් සතිය හෝ මාර්තු පළමු සතියේ ද, 2024 පෙබරවාරි 2 දිනට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, අප්‍රේල් පළමු සතියේ ද, 2024 මාර්තු 2 දිනට පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්නේ නම්, අප්‍රේල් අවසන් සතියේ හෝ මැයි පළමු සතියේ ද, මහා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සිදු වනු ඇති බව තෙන්නකෝන් මහතා පවසනවා.

ඉහත කාලයෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් බලාපොරොත්තු විය නොහැක්කේ 2024 ජූලි මස ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට නියමිත නිසා බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka