gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු සෞඛ ලේකම් අත් අඩංගුවට ගෙන වෛද්‍ය සැපයුම් අතිරේක ලේකම්ගේ කාර්යාලයට සීල් තබයි… ඊලඟට ඇමති ද?…

හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් අපරාධය සම්බන්ධව චෝදනා ලැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අත් අඩංගුවට පත් හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 27 දා වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්,   වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලය සීල් තැබීමටත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (18) නියෝග කළාය. 
සමන් රත්නායකගේ කාර්යාලය මුද්‍රා තැබූ පසු ඔහු යටතේ ඇති සියලු ලිපිලේඛණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන පරීක්ෂා කිරීමේ නියෝගය ද මහේස්ත්‍රාත්වරිය ඊයේ නිකුත් කර තිබිණි.

ඉමියුනොග්ලොබියුලින් සඳහා ජාතික ලේ බැංකුවෙන් රුධිර ප්ලාස්මාව ලබා ගැනීම ද සැක සහිත බව පැවසූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධව ද විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මේ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින්, කැබිනට් තීරණය ද නොසලකා හැර අවිධිමත් ලෙස මුදල් පනත පරිහරණය කර ඇති බවය.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම ඖෂධ ආනයන කිරිමේ ප්‍රසම්පාදන කටයුතු සියල්ල අධීක්ෂණය කිරීමේ බලය සහිත බලධාරියා වශයෙන් කටයුතු කර ඇති බව පැවසූ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

අගතියට පත් පාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරරණයට ඉදිරිපත් කරන ලෙස ද පෙර නඩුවාරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබිණි.

මෙම සිද්ධියට අදාලව මේ වනවිට මෙම ඖෂධ ජාවාරමට සම්බන්ධ අයිසුලේටඩ් බයෝ ටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වූ සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, එම අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සෙලේමන්, ගණකාධිකාරී ( සැපයුම්) නෙරාන් ධනංජය, හා තොග පාලක සුජිත් කුමාර රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka