චන්ද‍්‍රිකාට ශ‍්‍රීලනිප නායකත්වය.. විධායක සභාව කැදවයි…
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘පක්ෂ නායක’ ලෙස නව තනතුරක් බිහිකර ඊට පත් කිරීමට සූදානමක් පවතී. පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ තමනට පක්ෂයේ සභාපති ධුරය ලබා දෙන්නැයි හිටපු ජනාධිපතිනිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඒ අනුව අඩු බලතල සහිත නව තනතුරක් ‘පක්ෂ නායක’ ලෙස ස්ථාපිත කර එම තනතුරට හිටපු ජනාධිපතිනිය පත්කිරීමටද යෝජනා වී තිබේ.
ඒ අනුව මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට පක්ෂයේ විධායක සභාව එළඹෙන අටවෙනිදා කැඳවීමට නියමිතව ඇත.
චන්ද‍්‍රිකාට ශ‍්‍රීලනිප නායකත්වය.. විධායක සභාව කැදවයි…
2023-12-31T13:11:00+05:30
Gossip Lanka Hot News






