‘යුක්තිය’ මෙහෙයුමෙන් හාල්මැස්සො විතරද අල්ලන්නේ? තෝරු මෝරු අල්ලන්නේ නැද්ද? කුඩු මෙහෙයුමට එන චෝදනාවලට වැඩබලන පොලිස්පති දීපු උත්තරේ!
පොලිසිය විසින් කුඩු අල්ලනවා යැයි සිදු කරමින් අල්ලන්නේ හාල්මැස්සන් යයි පැතිරෙන කතාවේ සත්‍යයක් ඇති බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ඉතාමත් සුළු ප්‍රමාණයක් අතේ තබාගෙන සිටියත් පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව ද ඔහු පැවසීය.
අත්අඩංගුවේ සිටින සියලුම දෙනා හාල්මැස්සන් නොවන බවත් තෝරු මෝරුන්ද නොවුනද අතරමැද මාළුවෙකුගේ නමක් සිතාගත හැකි බවද ඔහු සඳහන් කළේය.
මැද ඉන්න මාළුන් අල්ලා ගත්තාට පසු මේ රටට කුඩු ගෙන එන තෝරු මෝරුන් හඳුනාගත හැකි බවද පොලිස්පතිවරයා පැවසීය.
ඒ තෝරු මෝරුන්ට ද අත තියෙන දවස වැඩි ඈතක නැතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මිරිහාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
Posted in: deshabandu-tennakoon
‘යුක්තිය’ මෙහෙයුමෙන් හාල්මැස්සො විතරද අල්ලන්නේ? තෝරු මෝරු අල්ලන්නේ නැද්ද? කුඩු මෙහෙයුමට එන චෝදනාවලට වැඩබලන පොලිස්පති දීපු උත්තරේ!
2023-12-24T09:36:00+05:30
Gossip Lanka Hot News
deshabandu-tennakoon|






