09 වන විධායක ජනාධිපති වෙන්න ධම්මික 51% සොයන මෙහෙයුම අරඹයි.. සෙසු පක්‍ෂ සමග සාකච්චා..
ඉදිරි ජනාදිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ.
තම බලාපොරොත්තුව එම පක්ෂවල ද සහයෝගය සහිතව 51%ක් ලබාගෙන ලබා ගැනීම බවද හෙතෙම කියා සිටී.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට යෝජිත අය අතර ධම්මික පෙරේරා මහතා ද සිටින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෑතකදී කියා සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයක් කවුදැයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු නිශ්චිතව සඳහන් කරන බවද හෙතෙම පැවසීය.
09 වන විධායක ජනාධිපති වෙන්න ධම්මික 51% සොයන මෙහෙයුම අරඹයි.. සෙසු පක්‍ෂ සමග සාකච්චා..
2023-12-24T09:38:00+05:30
Gossip Lanka Hot News






