රොෂාන් දොට්ට දාපු සතියෙම ආණ්ඩුව ඇතුළේ තවත් පිපිරීමක්! ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි! ලියුමත් හදලා ඉවරයි! දූෂණ ෆයිල් එකකුත් තියෙනවා!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ආණ්ඩුවේ තවත් ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියද මේ වන විට සකස් කොට අවසන්ව ඇති බවකි.
සිය කැබිනට් ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් සිදුව ඇතැයි කියන යම් අසාධාරණයක් මෙම රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට හේතුව වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ආණ්ඩුව ඇතුළේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධ ලිපිගොනුවක්ද මෙම රාජ්‍ය අමාත්‍යවරයා සතුව ඇති බව පැවසෙන අතර, ඉදිරි දින කිහිපය ඇතුළත එම ලිපිගොනු රටට ඉදිරිපත් කරමින් දැවැන්ත හෙළිදරව්වකටද අදාළ අමාත්‍යවරයා සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
එය රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකරන ලද හෙළිදරව්වද ඉක්මවා යන ආකාරයේ ප්‍රබල එකක් බව එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේ වෙතත් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දීමට මෙම රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ ඩුබායි බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගෙන තමන් දිවයිනට පැමිණෙන තෙක් සිටින ලෙසය.
රොෂාන් දොට්ට දාපු සතියෙම ආණ්ඩුව ඇතුළේ තවත් පිපිරීමක්! ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි! ලියුමත් හදලා ඉවරයි! දූෂණ ෆයිල් එකකුත් තියෙනවා!
2023-12-02T15:00:00+05:30
Gossip Lanka Hot News






