gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංසාගේ පක්‍ෂය පුත්තලමෙන් වැඩ අරඹයි… ආසන පහක ශාඛා පිහිටුවයි…

නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු දෙසැම්බර් මාසය පුරා එහි ආසන 5 තුලම ක්‍රියාත්මක කර ඇති බව රාජගිරිය පක්ෂ කාර්යාලය පැවසිය.
නිමල් ලන්සා සහ පියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් එම කටයුතු සිදුවේ.

කොට්ඨාස නියෝජිතයින් පත්කිරීම,අනුබද්ධ සංවිධාන පිහිටුවීම,භික්ෂු සංවිධාන පිහිටුවීම,කාන්තා සංවිධාන පිහිටුවීම වැනි කටයුතු එම මාසය පුරා සිදුවන අතර සිරිපාල අමරසිංහ,සුගීශ්වර බණ්ඩාර එම වැඩසටහන මෙහෙයවීමට පිටත්ව ගොස් තිබේ.

එය සැලවුණු පුත්තලමේ පොහොට්ටුවේ ඇතැම් පිරිස් මෙම වැඩසටහන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද එම පක්ෂ කාර්යාලය කියයි.

මේ අතර ඊට සමගාමිව සෙනසුරාදා දින දවස පුරා හලාවත ආසනය කේන්ද්‍ර කර ගනිමින් පළාත් සභාවේ ජංගම සේවයක් මාදම්පේ කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේදී පැවැත්වේ.

ඒ නිමල් ලන්සා මහතා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යප අබේවර්ධන මහතාගෙන් කල ඉල්ලීමකට අනුවය.

මේ අතර නව සන්ධානයට සහාය දක්වන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු ලොබියේ වත්මන් දේශපාලන කරුණු කාරනා ගැන කතාබහ කරමින් සිටියහ.

“දැන් සජබේ හැමෝම බයවෙලා ඉන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්න හදනවා කියලා “ලසන්ත අලගියවන්න කිවේය.

“එන්නේ ජනාධිපතිවරණයක්නෙ ඒක සජබේ දන්නවා හැබැයි ඉතින් ඒකට බයයිනෙ සජිත්,පාර්ලිමේන්තුව ඡන්දයක් තිබ්බොත් සජබේ දැන් ඉන්න හුඟාක් අය ජනාධිපතිතුමාට සහය දෙන්න යු.එන්.පි යට යනවා”නිමල් ලන්සා සිනාසෙමින් කිවේය.

“ලන්සා කිව්වා වගේ දැනටමත් සජබේ කට්ටිය හුඟාක් ඉන්නේ එක්කෝ ජනාධිපති කාර්යාලයේ,නැත්තන් පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරේ”දුමින්ද දිසානායක කිවේය.

“ඔව්..අපිත් යන එනකොට දකිනවනේ හැබැයි හොරෙන් ජනාධිපතිතුමා හම්බෙනවා එලියට ඇවිත් ආණ්ඩුවට බනිනවා”අමරවීර කිවේය.

“ඔව් ඉතින් ආණ්ඩුවට ගැහුවේ නැත්තන් කොහොමද විපක්ෂ නායකතුමාගෙන් බේරෙන්නේ”ලන්සා කිවේය

“හුඟක් අය ඉන්නේ සජිත් එක්ක හොඳකින් නෙමෙයි”චන්න ජයසුමනද කතාබහට එක්විය.

“ජනාධිපති වෙන්න කලින් ඉස්සරවෙලාම තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීවරුන්ට සලකන්න දැනගන්න එපැයි,එක දන්නේ නැතුව කොහොමද ජනාධිපතිකම් කරන්නේ”නලින් ප්‍රනාන්දු කිවේය.

“පොහොට්ටුවේ සංවත්සරය තියනවා නේද?සුගතදාස එක පුරවන්න ෆුල් ට්‍රයි කරනවලු”පියංකර කිවේය

“හන්බන්තොට මිනිස්සු කිහිපදෙනෙක්ම මටත් කතාකළා සමහර සංවිධායකයෝ කෙලින්ම කිව්වලු සෙනග ගේන්නේ නෑ කියල”අමරවීර කිවේය.

“කට්ටිය බලන්නේ 15 වැනිදා මොකක්හරි කියල අයෙත් ජනතාව අන්දන්න පුලුවන්ද කියල බලන්න”නලින් කිවේය
– Repoter
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka