gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිඥ සංගමය නෙමෙයි… හැමෝම එකතු වෙලා කිව්වත් මම කියන දේ මම කියනවා… දේශබන්දු පොලිස්පති කරන්න අකමැති කුඩු කාරයිනගේ නීතිඥයො… ඇමති ටිරාන් නීතිඥ සංගමයට උත්තර දෙයි…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයින් අතලොස්සක් බව නීතිඥ සංගමය නොව කවරෙක් මොනවා කීවත් තමන් අදත් කියන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද ( 21) පැවසුවේය.
ඕනෑම පුද්ගලයෙක් වෙනුවෙන් නීතිඥවරයෙකුට පෙනී සිටීමට ඇති වෘත්තීය අයිතිය තමන් පිළිගන්නා බව කී ඇමතිවරයා තමන් කියන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහි වන්නේ කුඩු ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥවරුන් බවය.

අද ඒ සම්බන්ධව පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පැවසුවේ මෙවැන්නකි.

“මෙතුමා පත් කිරීමට අතලොස්සක් විරුද්ධ වුනා. ඇයි එහෙම කරන්නේ කියලා මම විශ්ලේෂණය කරලා බැලුවා. එතකොට මම දැක්කා මහා පාරිමාණ කුඩුකාරයින් වෙනුවෙන් පෙනී ඉන්නේ මේ පිරිසම බව. ඒකයි මම කිව්වේ.”

“එතකොට නීතිඥ මහත්තුරු කියනවා ඕනෑම නීතිඥ මහත්තයෙකුට ඕනෑම නඩුවකට පෙනී ඉන්න පුලුවන් කියලා. මම ඒක නෑ කිව්වේ නෑ. මේ කිව්වේ නඩුවලට පෙනී ඉන්න එපා කියලා නෙමෙයි. බැලුවාම ඒ අයම ( දේශබන්දු තෙන්නකෝන්ට  විරුද්ධ වන අය) තමයි මේ නඩුවලට පෙනී ඉන්නේ.  ඒක මම අදත් කියනවා.

ඒක නීතියක් වශයෙන් සම්ප්‍රදායක් වශයෙන් තියන ගැටලුවක් නෙමෙයි.  මෙතන තියෙන්නේ සදාචාරය ගැන ප්‍රශ්නයක්.   නීතිඥ සංගමය නෙමෙයි සියලුම දෙනා එකතු වෙලා  කිව්වත් මා කියන දේ මං කියනවා.” ඇමතිවරයා කීවේය. මෙහෙයුමේ අරමුණ සහ ඉලක්ක පිළිබඳ අදහස් පළ කළ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පැවසුවේ මෙවැන්නකි.

“කුඩු බෙදා හරින ජාලය සහ ඊට සම්බන්ධ පාතාලය ඉලක්ක කරගෙන මේ මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. මේ අවස්ථාවෙ කුඩු බොන අය ගැන අපි අවධානය යොමු කරන්නේ නෑ.  බුද්ධි අංශවලින් හදලා තිබුණා 4665ක ලිස්ට් එකක්. මම කිව්වේ මේ සියලු දෙනාම ගන්න. මේ දවස් හතර ඇතුළෙ ඒ ලිස්ට් එකෙන් 731ක් අරන් තියනවා. තවත් අයව අහුවෙනවා ලිස්ට් එකේ නැති අය හම්බවෙනවා. ඒ ඔක්කෛාම එක්ක 8451ක් අත් අඩංගුවට අරන් තියනවා ඊයේ රෑ 12 වෙනකොට. ඒකෙන්ම පේනවා මේ මෙහෙයුමේ සාර්ථකත්වය”

“නත්තලට දවස් දෙකක් සහ අලුත් අවුරුද්දට දවසක් විතරයි මෙහෙයුම නවත්වන්නේ. අපි මේක දිගටම කරනවා.”

“සමහර අය පොලිසියේ වැඩ විවේචනය කරනවා. සමහර අය හිතනවා . බලපෑම් වලට නවත්වයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මේක පටන් ගන්න කලින් මම ජනාධිපති තුමා හමුවුනා. එතුමාට විස්තරය කිව්වා.  එතුමා කිව්වේ මොකක්ද?. මට ඕන කුඩුයි පාතලෙයි මේ රටෙන් තුරන් කරන්න. ඔයා ඕන ඇක්ෂන් එකක් ගන්න. මට කියන්න ඒකට ඕන දෙයක්  මොනවා හරි තියනවා නම්.   මට ඒක කියන්න. ජනාධිපතිතුමයි මමයි ඉන්නකම් මම හිතන්නේ නෑ කාටවත් බලපෑම් කරලා මේක නවත්වන්න පුලුවන් වේවි කියලා.”

‘ මොනම බාධක ආවත් මේ මෙහෙයුම කරනවා.  පැනලා හැංගෙනන හදන්න එපා. ඒ වෙලාවට මොනවා වේවිද කියන්න බෑ. “ . ඇමතිවරයා අවසාන වශයෙන් කීවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka