ප‍්‍රධාන කුඩු ජාවාරම්කරුවෙක් ප‍්‍රකට දේශපාලඥයෙකුගේ සමාගම්වල කළු සල්ලි ආයෝජන කරයි..
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට නම ගිය දේශපාලඥයෙකුට අයත් සමාගමක තමා මුදල් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ.
මෑතකදී අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකුගේ වත්කම් දේපොළ සියල්ල කිසිවෙකුට සොයාගත නොහැකි ලෙස සමාගම් කිහිපයකම ආයෝජනය කර තිබිණි
මෙසේ ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි රුපියල් කෝටි ගණනින් ප්‍රසිද්ධ සමාගම්වල ආයෝජනය කිරීම මත නීති විරෝධී වත්කම් අත්පත් කර ගැනීමේදී ගැටලු රැසක් පැනගෙන නැගී තිබේ.
එසේ අයෝජන කරන ලද වත්කම් නීති විරෝධී ජාවාරම්වලින් උපයා ගන්නා ලද ඒවා බව ඔප්පු කිරීමට අදාළ සමාගම්වල වසර ගණනක ගිණුම් පරීක්ෂා කිරීමට සිදුව ඇත.
මේවා එකිනෙක හඳුනාගෙන නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් ආයෝජනය කර ඇති ආකාරය අධිකරණය හමුවේ ඔප්පු කරගත හැකි අයුරින් විමර්ශන මෙහෙයවීම සිදු කළේ යුතුව ඇත.
-lankacnews
ප්රධාන කුඩු ජාවාරම්කරුවෙක් ප‍්‍රකට දේශපාලඥයෙකුගේ සමාගම්වල කළු සල්ලි ආයෝජන කරයි..
2023-12-31T11:24:00+05:30
Gossip Lanka Hot News






