gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ට පක්‍ෂය ඇතුලෙන් දැඩි විරෝධයක්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් නොවිමසා පාර්ලිමේන්තුවේදී තම හිතුමතයට අදහස් පළ කිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය දක්වා තිබේ.

එම පක්ෂ මන්ත්‍රිවරුන් මෙසේ විරෝධය දක්වා ඇත්තේ පක්ෂ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලි​මේන්තුවේදී රැස්වූ කණ්ඩායම් රැස්වීමේදීය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

විපක්ෂ නායකවරයාට ආණ්ඩුවෙන් ලොකු ගෝරියක් දානවා. අපිට ඉන්න නායකයා එයානේ. වෙන කෙනෙක් නැහැ යනුවෙන් පක්ෂ මහලේකම්වරයා රැස්වීම ආරම්භ කරමින් කරන ලද ප්‍රකාශයත් සමග විරෝධය පලවන්නට පටන් ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයා ඕන දේටත් එපා දේටත් කතා කිරීම නිසා මෙවැනි තත්ත්වයක් මතුවී ඇති බවයි. මෙහිදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවදුරටත් පෙන්වා දී තිබුණේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ නායකයන් සමග හැප්පීම හොඳ වුවත් සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර වැනි මන්ත්‍රිවරුන් සමග හැප්පීමට යාම තම තත්ත්වයට හොඳ නැති බවයි.

තවත් මන්ත්‍රිවරුන් පිරිසක් පවසා ඇත්තේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ කතා කරන අවස්ථාවේ මයික් කැමරා සහ ස්ක්‍රීන් ඉල්ලා ප්‍රසිද්ධිය සෙවීමද සිදු නොවිය යුත්තක් බවය.

– Aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka