තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි!
වසකරටකට ආසන්න කාලයකින් අනතුරුව නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් අද (23) වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි. කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු ආසාදනයකින් ඊයේ මියගිය මෙම පුද්ගලයාගේ මරණය පිළිබඳව සැක සිතී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව අද තහවුරු වූයේ යැයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
මේ වනවිට දිවයිනේ ඔමික්‍රොන් JN.1 ප්‍රභේදය පැතිරෙමින් ඇතැයි තමන් අනුමාන කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළේය.
නිශ්චිත විද්‍යාත්මක තහවුරු කිරීමක් නැතත් මේ දිනවල පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් ඔමික්‍රෝන් JN.1 ප්‍රභේදය විය හැකි බවට ඔහු අනුමාන කළේ ඉන්දියාව ඇතුළු ගෝලීය තත්ත්වයන් ගැන කරන ලද ඇගයීමකින් අනතුරුවය.
එබැවින් ජනාකීර්ණ ස්ථානවල, වාතාශ්‍රය අඩු ස්ථානවල ගැවසෙන අය මෙන්ම ප්‍රතිශක්තිය ඌණ පුද්ගලයින්, වැඩිහිටියන් හැකිතරම් දුරට මුව ආවරණ භාවිතා කිරීම යෝග්‍ය බවට යෝජනා කරමින් මහාචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් ලෙසින් හැඳින්වූ වර්ථමාන X සමාජවේදිකාවේ සටහනක් තබා තිබුණේය.
lankasara
තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි!
2023-12-24T03:07:00+05:30
Gossip Lanka Hot News





