gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ සේවකයින්ගේ 45ක් වූ වාර්ෂික නිවාඩු 25 තෙක් අඩු කිරීමට යෝජනාවක්!

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර ඇත.

එහිදී අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු දින 15ක් ලෙස නිවාඩු සංශෝධනය කරන ලෙස ද යෝජනා ඉදිරිපත්වී තිබේ.

ඒ අනුව, විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදම මෙන් 11.4%ක් බව පෙන්වා දෙන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වියදම් කළමනාකරණය කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායකවිය යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා ඇති බව සඳහන්ය.

ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යෝජනා 45ක් ඉදිරිපත් කර ඇති බව විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කළේය.


මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විශ්‍රාමික ප්‍රජාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් අපේක්ෂිත සහනයන් පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සහ යුද හමුදා රණවිරු සංගමය ඇතුළු කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත්කරන යෝජනා සම්බන්ධයෙන් ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව සඳහන්ය. 
-දෙරණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka